Wednesday, July 1, 2015

සිංහල ජනප‍්‍රිය සංගීතයේ බැස නොගිය තරුව එච් .ආර් ජෝතිපාල

  සිංහල ජනප‍්‍රිය සංගීතයේ බැස නොගිය තරුව එච් .ආර් ජෝතිපාල  
           





ජෝතිපාලයන්ගේ ජීවිත බද්ධ තොරතුරු

සම්පූර්ණ නම   හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඞ් ජෝතිපාල
භාවිත කළ නම   එච්.ආර් ජෝතිපාල
උපන්දිනය   1936 පෙබරවාරි 12
ජාතිය     සිංහල
අධ්‍යාපනය ලැබූ පාසල්  ශාන්ත ලෝරන්ස් විද්‍යාලය - මරදාන
                                    ශාන්ත ජෝන් විද්‍යාලය - දෙමටගොඩ
මුලින්ම ගැයූ ගීතය  වසන්තා සන්දනායක සමග ”මහවැලි නදියේ” (එහි ”තොටියෝ”
යන පදය)                                                                            
මුලින්ම ගැයූ ඒකළ ගීතය  ස්ටැන්ලි  ඕමාර් පද රචනය කර සංගීතවත් කළ ”මගේ රන් රාජිණ”ී    (1954*
මුලින්ම ගැයූ චිත‍්‍රපට ගීතය සුරතලී චිත‍්‍රපටයේ ”සිරිය මෙ සාරා” (1956*
මුලින්ම ර`ගපෑ චිත‍්‍රපටය  සුදු සදේ කළු වලා (1953*
ප‍්‍රථම නිෂ්පාදනය  සුමිතුරෝ (1983*
පැවැත්වූ ඒක පුද්ගල ප‍්‍රසංගය  ජෝතී රාත‍්‍රිය (1980*
ගී ගැයූ කැසට් පට ගණන 115ක් පමණ
ගී ගැයූ චිත‍්‍රපට ගණන  450ක් පමණ
ගැයූ ගීත ගණන  10 000ක ඉක්මවා ඇත
වැඩිම යුග ගී ගණනාවක් ගැයූ ගායිකාව  ඇන්ජලින් ගුණතිලක
වැඩිම ගීත ගණනක් රචනය කළ පද රචකයා  කරුණාරත්න අබේසේකර
වැඩිම ගීත ගණනක් සංගීතවත් කළ සංගීතඥයා   පී.එල්.ඒ සෝමපාල හා සරත් දසනායක
ජෝති ගැයූ ගී ගණනාවක් නිරූපණය කළේ  විජය කුමාරතුංග
අවසන් වරට ගී ගැයූ සංගීත ප‍්‍රසංගය  1987 ජුලි 03 දා කතරගම ගම් උදා ගී ප‍්‍රසංගය
අවසන් වරට වේදිකාවේ ගැයූ ගීතය  ”පෘතූගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා”
අවසන් සුසුම් හෙළු දිනය    1987 ජුලි 7දා ශ්වසන ආබාධයකින්
   


ගායන ජීවිතයට පිවිසීමට පෙර

අප කවුරුත් නම කියූ පමණින්ම හදුනන එච්.ආර් ජෝතිපාල සදාදරණයී කලාකරුවා එදා මෙදා තුළ ගීත ලෝලී ජනතාවගේ හදවත සොරා ගැනීමට සමත් වූවේය.
ජිවිතයේ කිසිදු දිනක සංගීතය පිළිබ`ද අල්ප මාත‍්‍රයක් හෝ හදාරා නොමැති ජෝතිපාලයාණන් පිළිබ`ද වරෙක කේමදාස මාස්ටර් මෙලෙස පවසා ඇත.
” ජෝතිපාල සංගීතය හදාරලා නැහැ. ජෝතිපාල තරම් ඉයර් එකට කියන්ඩ පුළුවන් කිසි කෙනෙක් තව නැහැ.”
ඔහු එලෙස ගීත ගායනා කළේ, නිසර්ගයෙන්ම ලද හැකියාවෙන් යැයි පැවසීම වඩාත් නිවැරදිය.
 මධ්‍යම පාන්තික පවුලක පළමු දරුවා ලෙස ලංකාවේ දකුණු දිග ප‍්‍රදේශයේ උපත ලැබු ජෝතිපාලයාණන්ගේ නිවසේ ගුවන් විදුලියක්ද නොතිබුණි. ඔහු කුඩා කාලයේ ගීත ඇසීමට මරදානේ තේ කඩ, සයිවර් කඩ ආසන්නයේ ගැවසීමට හුරුව සිටියේය.
 චිත‍්‍රපට පසුබිම් ගායකයෙක් ලෙස ජෝතිපාලයාණන් ප‍්‍රථමයෙන්ම තම හ`ඩ අවදි කළේ නැසී ගිය සිරිසේන විමලවීරගේ ”පොඩි පුතා” චිත‍්‍රපටය ස`දහායි. ඔහු එම ගීතය පටිගත කිරීම් ස`දහා ගායනා කළේ මහත් අභිමානයෙනි. නමුත් ඉන්දියානු චිත‍්‍රපට රචකයා ජෝතිපාලයාණන්ගේ හ`ඩ ගැන සතුටු නොවීය. ඔහුගේ හ`ඩ පොඩි පුතා චිත‍්‍රපටය ස`දහා භාවිතා කිරීම පිළිබ`ද ඔහු විමලවීරයාණන්ට දොස් නැගුවේය. එහෙත් ඒ කිසිවක් ජෝතිපාලයාණන් දැන නොසිටියේය. ”පොඩි පුතා” චිත‍්‍රපටය, චිත‍්‍රපට ශාලා ස`දහා මුදාහැරිය විට තමාගේ ගීතයක් ද එම චිත‍්‍රපටයේ ඇති බව මහත් අභිමානයෙන් මිතුරන් හා පැවසූ ජෝතිපාලයාණන් ඔහුගේ ස`ගයන් ද පිරිවරා ගෙන චිත‍්‍රපටය නැරඹීමට සිනමා ශාලාවට ගියෝය. එහෙත් සිදුවූයේ ඔහු බලාපොරොත්තු වූ දෙයක් නොවේ. එනම්, චිත‍්‍රපටය නැරඹීමට ගිය විට තමා ගායනා කළ ගීතය එහි ඇතුළත් නොවන බව දුටුවේය. ඉන් මහත් පුස්තැවිල්ලටත්, ලැජ්ජාවටත් පත් වූ ඔහු මිතුරන් ඉදිරියේ අසරණ විය. නියත ලෙසම ගායකයෙක් ලෙස තම ජීවිතය හැඩ ගස්වා ගත යුතු බව දැඩිව සිතට ගත්තේ මේ අවස්ථාවේදීය. එකී අධිෂ්ඨාන ශක්තිය ඔහුගේ ගායන ජීවිතය එළිපෙහෙලි කිරීමට සමත් වූ බව පිළිගත හැකි සත්‍යයකි.
 පසුව ”සුරතලී” චිත‍්‍රපටයේ නිෂ්පාදක ජබීර් ඒ කාදර් මහතාට ජෝතිපාලයාණන්ව තමාගේ චිත‍්‍රපටයට යොදා ගැනීම ස`දහා ඔහුගේ ගීතයක් ඇසීමට අවශ්‍ය විය. එහිදී ජෝතිපාලයාණන්ට ගීතයක් පටිගත කිරීම ස`දහා ප‍්‍රමාණවත් මුදල් නොමැති විය. ඒ අවස්ථාවේදී කෘතහස්ත සංගීතවේදී
ස්ටැන්ලි ඔමාර් මහතා රුපියල් 35ක විශාල මුදලක් ජෝතිපාලයාණන්ට පරිත්‍යාග කළේය. එම මුදලින් සදාදරණිය ජෝතිපාලයාණන් තම ගායන දිවිය ආලෝකමක් කර ගත්තේය.


 ගායන ජීවිතය

ජෝති පාලයන්ගේ හ`ඩ මුල් වරට රසිකයා අතරට එන්නේ වසන්තා සන්දනාකගේ මහවැලි නදියේ ගීතයෙනි. එම ගීතයේ එක් වචනයකින් ඔහුගේ ගායන ජීවිතය ආරම්භවීම සුවිශේෂී කරුණකි.
මහවැලි නදියේ අසබඩ සැදි ඒ
මහියංගන තූපෙ ව`දින්නට අපි යනවා
තොටියෝ.........
ගුවන් විදුලියෙන් පළමු වරට ශ‍්‍රාවකයාට ඇසෙන්නේ තොටියෝ යන වචනයෙනි. එතැනින් හදුනාගත් ජෝති හ`ඩ එදා මෙදා තුර ශ‍්‍රාවකයන් වැඩිම දෙනෙක් ප‍්‍රිය කළ හ`ඩ බව පැවසීම අතිශෝක්තියනක් නොවන්නේය. ජොතිගේ හ`ඩින් ගැයුනු ගීතයක් මුල් වරට නිරිමාණය වන්නේ 1956 වර්ෂයේදීය. ඒ සුරතල ීචිත‍්‍රපටයට ඔහු ගැයූ සිරියමේ සාරා යන ගීතයයි. 1956 චිතුපට පසුබිම් ගායකයෙකු ලෙස ගීත ගායනා කිරීම ආරම්භ කළ ජෝතිපාලයන් ඔහුගේ පළමු දශකය තුළදීම ඔහුගේ ස්ථාවර තහුරුකර ගත්තේය.
සීත සුනිල් දිය දහරා දෙයියන්ගෙ - රටේ චිත‍්‍රපටය 1958
කොල කඩ කඩ බොරුවට දෙනවා - වනමෝහිනී චිත‍්‍රපටය 1958
හිතේ දුකා නැති මිනිහා - දස්කම චිත‍්‍රපටය 1958
පේ‍්‍රමේ දීපශිඛා - දීපශිකා 1963
හිතේ දුකා නැති මිනිහා - සිතක මහිම චිත‍්‍රපටය 1964
මෙලෝකේ සායල්ලෝ - ස්විප් ටිකට්  චිත‍්‍රපටය 1964
තරුණ නෙත් ජය මංගලේ – ඇතුළ්ම තහනම් 1966
ජෝති ගැයු අනුකාරක හිංදි කොපි ගීත සංඛ්‍යාව ඉහළ යද්දී  මේ ගීත ඇතුළත් ග‍්‍රැමෆෝ ගී තැටි වෙල`දපෙළට නිකුත් වීය. හිස් මාස්ටර් වොයිස් කොළොම්බියා වැනී ගී තැටි ඒ අතර වීය. ජෝති ගැයු අනුකාරක ගී ප‍්‍රමා්්ණය දිිනෙන් දින ඉහළ ගියද ඔහුගේ ස්තන්ත‍්‍ර ගීත නිර්මාණය වුයේ අල්ප වශයෙනි. ඔහුගේ පළමු ගීත ගායන දශකය තුළදී ස්වතන්ත‍්‍ර නිර්මාණ බිහි වන්නේ් පහකටත් අඩු ප‍්‍රමානයකි.
වන මලට ආශාවෙ
ආලේ මිහිර පෙන්නා
වැනි ගීත ඒ අතර දැක්විය හැකිය.
70 දකය වන විට ජෝති චිත‍්‍රපට පසුබිම් ගායනයේ හනිි පෙත්තටම ළංව සිටියේය.
සුදුපාට මීදුම් ගලාලා
ජීවිතේ තරුණ කාලේ
ආකාසේ කඩන් ඉර හ`ද පෙරලන්
වැනි ගීත ජනපි‍්‍රයම ගීත බවට පත් වීය.
1975 වර්ෂය ජෝති චිත‍්‍රපට ගීත වැඩිම ගීත සංඛ්‍යාවක් ගායනා කළ වර්ෂය වීය. එම වර්ශයේ තිරගත වු චිත‍්‍රපට 28න් 22 කටම ජොති පසුබිම් ගායනයෙන් දායක වී ඇත.
ජෝතිගේ ගායන දිවිියේ උච්චතම අවස්ථාව ලෙස ජොති ගීත රාත‍්‍රිය හදුන්වා දිය හැකිය. එහි පළමු ප‍්‍රසංගය ආරම්භ වන්නේ 1980 වර්ෂයේදීය එවක් පටන් වසර හතක් පඅරාවට ජෝති රාතී‍්‍ර ගී ප‍්‍රසංග 242 දිවයිනේ සෑම ප‍්‍රදේශයකම පවත්වා ඇත. ජෝතිගේ ගී ප‍්‍රසංග ලංකාවට පමණක් සීමා නොවීය. ලොස් ඇන්ජලීස් නුවර ප‍්‍රසංගය ඊට උදාහරණයකි.
දශක තුනක් පුරාවට ජොතිපාල ගායනා කළ ගීත ස`දහා ඇන්ජලීන් ගුණතිලක, ලතා,  සුජාතා අත්්තනායක වැනි ගායිකාවන් යුග ගායනයෙන් දායක වී ඇත.                
           
      1987 වන විට ජෝතිපාල ගීත දස සහසකට ආසන්න ප‍්‍රමාණයක් ගායනා කර තිබුණි. එදා මෙදා තුර ලාංකේය ගීත වංශකතාවේ වැඩිම ගීත ප‍්‍රමාණයක් ගායනා කළ ගායකයා වන්නේද ජෝතිපාලයන්ය.          

රංගන ජීවිතය

මුල්කාලනී ව ගායකයෙකු ලෙස රටක් වස`ග කළ ජෝතිපාලයාණන් හැට දශකයේ අ`ග භාගයේ හා හැත්තෑව දශකය පුරාම තම රංගන කුසලතාව සිනමාවට එක් කළේය. එහිදී ජෝතිපාලයාණන් පහත සිනමා නිර්මාණයන්ට තම රංග ප‍්‍රතිභාව එක් කළේය.
x සුදු සදේ කළු වලා
x ඇතුළුවීම තහනම් x සුලලිත සොබනී x සුජීවා x සූකීරි කෙල්ල x අභිරහස x බෝනික්කා x ශාන්ති
ජෝතිපාලයාණන්ම නිෂ්පාදනය කළ
 සුමිතුරෝ   ඔබයි මමයි
චිත‍්‍රපට ස`දහා පේ‍්‍රක්ෂක ජනතාවට අමතක නොවන චරිත නිරූපණයට ජෝතිපාලයාණන්ට හැකිවිය.      

ජනප‍්‍රිය තරුවක් ලෙස ජෝතිපාලයාණන්

ගතවෙමින් පවතින සෑම මිනිත්තුවක්ම අතීතයට එකතු වෙයිඅතීත මතකයන් අතර නොමැකෙන පරිදි සිය හ`ඩ පෞර්ෂය අමරණීය කරන්නට ජෝතිපාලයාණන් සමත් විය. සුවහසක් රසික හ`දවත් අමන්දානන්දයට පත් කළ එම ජෝති හ`ඩට අදටත් සහෘදයන් ආදරය කරන්නේය. ඉතිහාසයේ වැඩිම ගීත ගැයූ එ් අසහාය ගායකයා මෙම වසරට වසර 27ක් ගත වුවද ඔහ ුතවමත් ශී‍්‍ර ලාංකිකයන්ගේ හදවත් වලින් මියගොස් නැත. ඔහු රසික හදවත් තුල ජෝති යල කෙටි නාමයෙන් ජනාදරයට පත්විය. ජෝතිපාලයන්ගේ ජනප‍්‍රියත්වය පිළිබ`දව සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතා දැක්වූ අදමසක් පහත පරිදි වේ.
‘‘ලෝක සිතියමේ ශ‍්‍රී ලංකාව තිබෙන තාක්කල් ජෝතිපාලයන්ගේ හ`ඩ නොමැරෙන බවත් ඊට සමාන හ`ඩක් වසර සියයකින් හෝ බිහි නොවනු ඇත’’
එමෙන්ම ජෝතිපාලයන්ගේ දියණිය ස`දහන් කර තිබෙන අදහස් පිළිබ`දව අවධානය යොමු කිරීමේදී ඔහු තෙරම් ජනප‍්‍රිය වූ ගායකයෙකුදැයි වටහා ගත හැකිය. ඒ අනුව ජෝතිපාලයන්ගේ බාල දියණිය වන ක‍්‍රිෂ්ණා දක්වා ඇති අදහස් පහත දැක්වේ.
‘‘තාත්තගේ දේහය දින 03ක් මහජන ගෞරවයට තිබ්බා දවස් තුනේම නොකඩවා සෙන`ග ආවා ඒ දවස් තුනේම තාත්තට ඇ`දුම් තුනක් මාරු කළා ජවතාව තාත්තාව අතගාලම මුලූ සුදු ඇ`දුමම හවස් වෙනකොට කලූපාට වුණා කිසිම මියගිය කෙනෙකුට දින තුනකදි ඇ`දුම් වෙනස් කරලා නැතිව ඇති ඒ දේවල් වලින් තමයි මට හිතුනේ මගේ තාත්තගේ ජනප‍්‍රියත්වය’’
මෙම කරුණු වලට අමතරව ජෝතිපාල නම් වූ ඒ අසහාය ගායකයා ජනාදරයට පත්වීම කෙරෙහි බලපෑ හේතු සාදක කිහිපයක් හ`දුනා ගත හැකිය. එම කරුණු පහත ස`දහන් වේ

x උත්තර භාරතීය හින්දි ගී තනු වලට නිමවූ ගීත ගායනා කිරීම  x පදවැලේ ඇති සුනම්‍ය බව සහ සාහිත්‍යයික ගුණය  x අතීතකාමය - භදිඒක්ටස්  x සුවිශේෂීහ වූ හ`ඩ පෞර්ෂය
             
උත්තර භාරතීය හින්දි ගී තනු වලට නිමවූ ගීත ගායනා කිරීම
       එකළ ජෝති විසින් ගායනා කළ බොහෝ ගීත ජනප‍්‍රසාදයට පත් හනි්දි ගීතවල අන්තර් ගත වූ තාලය රිද්මය එලෙසින්ම යොදා ගෙන තිබේ. එහදිී පදමාලාව පමණක් වෙනස් කරමින් ගී ගැයූ ජෝති ලාංකීය රසිකයන් හට නැවුම් අත්දැකීමක් සමීප කරන්නට විය.
 සිරියා මේ සාරා............  මම ගන්නෙමි කරකාර බන්දාලා...........

 මේ නොනිමෙන දිවි ගමනේ.............
වැනි ගීත හින්දි තනු යොදා ගනිමින් ජෝති විසින් බොහෝ සෙයින් ගායනා කළ මධුර ගී ස`දහා උදාහරණ ලෙස දැක්විය හැකිය. එකී තනුවල ඇති මදුර බව මෙම ගීත ජනප‍්‍රිය වීමට හේතු වුවා විය හැකිය.  

පදවැලේ ඇති සුනම්‍ය බව සහ සාහිත්‍යයික ගුණය
මෙම ගීත ස`දහා පද නිර්මාණය කරනු ලැබුවේ මනා වූ සාහිත්‍යය දැනුමක් තිබූ පුද්ගලයන් විසින.ි ඒ අතර කරණාරත්න අබේරත්න වැනි චරිත ප‍්‍රමුඛත්වයෙහිලා ස`දහන් කළ හැකිය. ජෝති විසින් ගායනා කළ ගීත අතර රස සුන් බවට වැටෙතැයි කියන ගම්වැසි පදනරුත් පවා සාහිත්‍යයික පද සම`ග යොදා ගෙන ඇති අවස්ථා බොහෝ වෙයි. ‘‘අතීත දිවියේ අනන්ත අ`දුරේ විඩාව නිමවේ’’ වැනි ගී පද ද, කොළඹ යුගයේ කවීන්ගේ පද වලට සමාන ‘‘සමන් මල් පියල්ලෙ ් සදේ රැුස් කැරැුල්ලේ – මී`දුම් වළාවන් එක්වී සංගීත රාවෙන් මත් වී මගේ රංගනීයේ ’’  යනාදී ගීතයන් ඒ ස`දහා උදාහරණ වෙයියශෝදරා වත වැනි පුරාණ ජන කවියක පදමාලාවන් ස්පර්ශ කරමින් ගායනා කළ ‘‘උන්මාදනියේ වෙන් වී යන පිටුපාලා’’ යනාදි මේ ස`දහා උදාහරණ සපයයි.
අතීතකාමය
මිනිසුන්ගේ අතීතයට ඇති ආශාව හෙවත් ලොල් වඩන බව මේ ගීත තුලින් සපුරා ගැනීමට හැකිවීම ජෝතිගේ ජනප‍්‍රියත්වය ස`දහා බලපෑ තවත් එක් කරුණක.ි ඔහුගේ ගීත ශ‍්‍රවණය කළ විට එබ`දු ගීත බොහෝ ප‍්‍රමාණයක් හ`දුනා ගත හැකිය. පහත ස`දහන් ගීත ඒ ස`දහා උදාහරණ සපයයි.
 වෙනතක යන්න ගියා මුලදී අත දීලා...........  ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උණේ...........  ස්වභාව හං`ගා මේ ලෝ තලේ.........
එමෙන්ම මෙලෙෂ නිර්මාණය වූ ගීත ස`දහා පාදක වූ අත්දැකීම් බොහෝ සෙයින් අතීතය සම`ග බද්ද වන හෙයින් එම ගීත ශ‍්‍රවණය කිරීමම අතීත කාමයකි.

සුවිශේෂීහ වූ හ`ඩ පෞර්ෂය
  එච් ආර් ජෝති පාලයන්ගේ ගීතවල ජනප‍්‍රියත්ය වීම කෙරෙහි බපබෑ ප‍්‍රබලම සාධකය වන්නේ ඔහු සතු වූ ප‍්‍රභල හ`ඩ පෞර්ෂයයි. ගාමිනී ෆොන්සේකාගේ සිට විජය කුමාරතුංග දක්වා සහ නව පරපුරේ න`ඵවන් දක්වාම චිත‍්‍රපට පසුබිම් ගායනයට යොදා ගත හැකි සුවිශේෂී හ`ඩක් ජෝති සතු විය. එය අංග සම්පූර්ණ පුරුෂ සුවරයකි. ශ‍්‍රී ලාංකීය මහා සංගීතවේදියා වූ කේමදාස ශරිූන් පවා ජෝතිගේ ඒ මධුර වූ හ`ඩට කිසිවෙකුටත් ල`ගා වීමට හෝ සම කළ නොහැකි බව ස`දහන් කර ඇත.
උක්ත කරුණ ුසියල්ලම පිරික්සීමේදී එක් කරුණක් පැහැදිලිවම නිගමනය කළ හැකිය. එනම් සංස්කෘතිය කෙතරම් ජනප‍්‍රිය වුවද එකී ජනප‍්‍රිය සංස්කෘතිය තුල මධුර වූ ජෝති හ`ඩ අදටත් ජීවමානව ශ‍්‍රවණය කළ හැකිය යන නිගමනයයි. නූතන සමාජයේ බස් රථය තුළ, වෙළ`දසැල තුල, ආයතන තුල මෙන්ම යනෙන ම`ගතොට සෑම තැන්හිම සදාදරණීය ජෝති ජීවමානව ගී ගයනු ඇත.      


ලබා ඇති සම්මාන
ගායනයෙන් පෑ අපූර්ව ප‍්‍රතිභාව හේතුවෙන් එච්.ආර් ජෝතිපාලයාණන් බොහෝ සම්මානයන්ගෙන් පිදුම් ලැබූහ. ඒවා නම්,
 දීපශිඛා (ජනප‍්‍රිය ගායක 1972*  රජත ජයන්ති සම්මාන (1974 සිට 1976 දක්වා*  සරසවිය (හො`දම ගායක 1983*  සරසවිය (හො`දම ගායක 1986*  මල්පියලි (ජනප‍්‍රිය ගායක*              

සදා අමරණීය ජෝතිපාල
ශී‍්‍ර ලාංකීය ගායන ලොවේ සදා නොමැකෙන අමරනීය නාමයක් එක් කල හෙට්ටි ආරච්චිගේ රෙජිනොල් ජෝතිපාල හෙවත් රසිකයන් අතර එච්.ආර් ජෝතිපාල යන නාමය ගායන අඹරෙහි  සුවිශේෂි චරිතයක් ලෙස හ`දුන්වා දිය හැකිය.අද වන තුරුත් ඔහු ගොඩනැගු ඒ ජනප‍්‍රිය සංගීත සංස්කෘතිය අභිබවා යාමට ශී‍්‍ර ලාංකීය  ගායන තරු කිසිවෙක් සමත් වී නැත.ජෝතිපාලයන් ප‍්‍රථමයෙන්ම රිදි තිරියට එක් වුයේ  1956 දී සිරිල් පී අබේරත්නයන්ගේ ”සුරතලි” චිත‍්‍රපටය ”සිරියා මේ සාරා”ගීතය ගායනා කරජින් අදටත් මෙය අතිශය ජනප‍්‍රිය ගීතයකි. මෙයින් ආරම්භ කල ගායනය චිත‍්‍රපට පසුබිම් ගායනය හා කැසට්පට තුළින් රසිකයාගේ හදවත් අමන්දානන්දයට පත් කරමින් නොමැකෙන සටහනක් එක් කළේය.ඔහු ජිවත්ව සිටි සමයේ සිට මේ දක්වා ගමක,ගෙපැලක,කඩපිල් හේනේ,කුඹුරේ සහ බාල මහලූ වැඩිහිටි යන සැම දෙනෙක්ම මුමුනන්නේ මොහුගේ ගීතය.සමාජයේ  ඕනෑම තරාතිරමේ පුද්ගලයෙකුම තෝරා ගන්නේ මොහුගේ ගීතය.
වර්තමානයේ කටහ`ඩ සොයා යන සුපිරි තරු තෝරා රියැලිටි වැඩසටහන් වල පවා ආදුනිකයන් ගායනා කරන්නේ ජෝතිපාල නම් වු සදාඅමරනීය ගායකයාගේ ගීතය.එමෙන්ම මෙරට හතලිහකට වඩා වැඩියෙන් පවතින ගුවන් විදුලි නාලිකා තුල වැඩ සටහන් වල දිනකට අවම වශයෙන් ගීත 10-15ත් අතර සංඛ්‍යාවක් ජෝතිපාලයන්ගේ ගීත ප‍්‍රචාරය කිරීම සිදු කරයි.ඔහු නොසිටියා නම් එම නාලකිා පවත්වාගෙන යාමට නොහැකි වෙනු ඇතැයි අනුමාන කර හැක. නමුත් මෙරට විචාර කලාව අනුව ජෝතිපාල ජිවත්ව සිටි සමයේ ඔහුගේ ගීත වැටුනේ ජනප‍්‍රිය ශෛලියකටය.එම ගීත පවා අධම ගනයේ ගීත ලෙස සැලකුනි.නමුත් දශක කිහපියකට පෙර පමණක් නොව වර්මානය වන විටක් සංගිත ලොවේ ජෝතිපාලගේ ගීත නොමැතිව සංගීතයක් අංග සම්පුර්ණ නොවනු ඇත්තේ එම හඬේ ඇති සදා අමරනීයත්වය නිසාය.


 මූලාශ‍්‍ර            

සිංහල චිත්‍රපට ගීතාවලියල මහාචාර්ය සුනිල් ආරියරත්න
සිංහල චිත්‍රපට ගීත සාහිත්‍යයල  සමන්ත හේරත්
ඉන්දියානුසිනමාවේදහතුන්වනභාෂාවල සුනිල්මිහිදුකුළ

Thursday, June 25, 2015


”ගයාරම්ය අල්විස් ”නම් වූ
                             සොඳුරු නිර්මාණකරුවා.


           නිර්මාණයක් යනු යමක් අපූර්වත්වයෙන් මැවීමකි. එවැන්නක් සිදු කරන්නා නිර්මාණකරුවෙකි. බොහෝවිට මෙම නිර්මාණය , නිර්මාණකරුවා යනාදී වචන කලාව හා බැඳී පවතී. නිර්මාණකරුවෙකුට නැතහොත් කලාකරුවෙකුට නිර්මාණකරණයෙහිලා ප‍්‍රතිභාව , ව්‍යුත්පත්තිය , සතතාභ්‍යාසය ආදිය මූලිකවම වැදගත් වේ. එමෙන්ම නිර්මාණකරුවා සහෘදයාට හුදු වින්දනයක් පමණක් ලබාදීම ප‍්‍රමාණවත් නොවේ. සහෘදයා ආනන්දයෙන් ප‍්‍රඥාව කරා ගෙන යා යුතුය.
නිර්මාණකරුවන් සහ විවිධ නිර්මාණ හතු පිපෙන්නා සේ දිනපතාම දැකිය හැකි වත්මන් සමාජය තුළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිර්මාණයන් හෝ නිර්මාණකරුවන් දැකිය හැක්කේ ඉතා අල්ප වශයෙනි. වත්මන් වෙළඳ සමාජය තුළ නිර්මාණකරුවාද ව්‍යාපාරිකයෙකුගේ හැඩයක් ගන්නා බව පෙනේ. නමුත් එවැන්නන් අතර විශිෂ්ට නිර්මාණකරුවන්ද නැතුවා නොවේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එවැනි විශිෂ්ට නිර්මාණකරුවෙකි, ගයාරම්ය අල්විස්. ඔහු , ඔහුගේ නිර්මාණ , ඔහුගේ නිර්මාණයන්හි විශිෂ්ටත්වය පිළිබඳ ගෙනහැර දැක්වීමකි මේ.

        1971 නොවැම්බර් 25 දින සහෝදර සහෝදරියන් හයදෙනෙකුගෙන් යුත් පවුලේ අන්තිමයා ලෙස ගයාරම්ය අල්විස් මෙලොව එළිය දුටුවේය. ඒ අනුව ඔහු පවුලේ සියලූදෙනාගේ ආදරය නොමදව ලත් බාල සහෝදරයාය. ගයාරම්යයන්ගේ පියාද කෘතහස්ත කලාකරුවෙකි ඔහු ප‍්‍රවීන ගීතරචක ඩෝල්ටන් අල්විස් මහාතායි. කුඩා කල සිටම ගයාරම්ය අලවිස් හැදී වැඩුණේ කොළඹ නගරයේය. මේ වන විට වයස අවුරුදු 43 ක් වන ගයාරම්ය අල්විස්ගේ ආදරණීය බිරිඳ අනූෂා හිමාලි ය. ඇය වෘත්තියෙන් පුස්තකාලාධිපතිනියකි. මොවුන් දෙදෙනාගේ එකම පුත‍්‍රරත්නය අධ්‍යාපනය හදාරමින් සිටී. තවද ගයාරම්යයන් වත්මන වන විට ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටී.
       කොළඹ වේලූවන මහා විද්‍යාලය සහ කොළඹ ඞීී . එස් සේනානායක යන විදුහල් දෙකෙන්ම ඔහු අධ්‍යාපනය හදාරා තිබේ. අ.පො.ස උසස්/පෙළ හදාරන ලද්දේ ඞී . එස් සේනානායක විද්‍යාලයෙන්ය. ඒ විද්‍යා විශය ධාරාවන් යටතේය. 1992 වසරේදී ඔහු උසස් පෙළ විභාගයට පෙනී සිටියද විශ්ව විද්‍යාල වරම් අහිමි විය.
ගයාරම්ය අල්විස් කුඩා කල සිටම පාසලේ බිත්ති පුවත්පත සංස්කරණයටත් කවි රචනා කිරීමටත් වැඩි ඇල්මක් දක්වා තිබේ. එය ඔහුගේ කලා ජීවිතයට පාදම සකසන්නට ඇත.
ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ භාහිර උපාධිධාරියෙකි. එමෙන්ම ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව සහ සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකුද වේ.
තවද ඔහු රූපවාහිනී අභ්‍යාස ආයතනයෙන්ද ජර්මනියේිඊදසියඇක්’ ආයතනයෙන්ද තිර රචනය , අධ්‍යක්‍ෂණය සහ කැමරාකරණය පිළිබඳ හදාරා තිබේ.
         ගයාරම්ය අල්විස් නිර්මාණකරණයට පිවිසෙන්නේ පාසල් සමයේ පටන්මය. ඔහු කුඩා කල සිටම කවි රචනා කරන්නට ඇල්මක් දැක්වීය. එය ඔහුගේ පියා වන ප‍්‍රවීන ගීත රචක ඩෝල්ටන් අල්විස් ශූරීන්ගෙන් ලැබුණු සහජ උරුමයක් වන්නට ඇත. පාසලේ බිත්ති පුවත්පත සම`ග ගයාරම්යයන් පැවැත්වූ ගණුදෙණුවද මෙහිදී සඳහන් කළ යුතුය. එනම් පාසලේ බිත්ති පුවත්පත සංස්කරණය කිරීම ඔහු විසින් බොහෝ කාලයක් සිදු කිරීමයි. එයින්ද ඔහු නිර්මාණකරණයට මාහැ`ගි පිටුබලයක් නැතහොත් පන්නරයක් ලබාගන්නා ලදි.
ගයාරම්ය අල්විස් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව සහ සන්නිවේදන ඩිප්ලෝමාව හදාරන සමයේ අජන්තා රණසිංහ , රංග කලන්සූරිය යන අය සමග එක්ව කටයුතුකරමින් නවයුගය පුවත්පතට සාහිත්‍ය සබැඳි ලිපි රචනා කළේය.
1993 දී ඔහු ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට බැඳෙන අතර එහි නාට්‍ය අංශයේ නිශ්පාදක ලෙස කටයුතු කරන ලදි. ඉන් පසුව ගයාරම්යයන් 1994 දී ජාතික රූපවාහිනියට එක්වන අතර නිර්මාණකරුවෙකු ලෙස ඔහුව මුලූ මහත් රටක් හඳුනාගන්නේ එතැන් සිටය.
ගයාරම්ය අල්විස් ජාතික රූපවාහිනියට එක්වන්නේ නාට්‍ය අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසයි.
ඔහු මුල්වරට 1996 වසරේදී ” 2015 ” නම් වූ ඒකාංගික ටෙලිනාට්‍යය නිර්මාණය කළේය. ඉන් පසුව 1999 දී ඔහුගේ ප‍්‍රථම ප‍්‍රාසාංගික ටෙලිනාට්‍ය නිර්මාණය ලෙස ” මිරි`ගුතෙර ” ටෙලිනාට්‍යය නිර්මාණය කළේය. එහි තිර රචනයද ගයාරම්ය අල්විස්ගේමය. ඔහුගේ මීළ`ග නිර්මාණය වූයේ ” වර්ණ ” ටෙලිනාට්‍යයි. සමාජ කථිකාවකට ලක් වූ මෙම ටෙලිනාට්‍යයේද තිර රචනය සිදු කළේ ගයාරම්යයන් විසින්මය. ඉන් පසුව නිර්මාණය කළ ” උත්තමපූජා ” වාර්තා වැඩසටහනද සහෘදයන් ආදරයෙන් වැළඳගත් නිර්මාණයකි. කුරිරු ත‍්‍රස්ථවාදය පිළිබඳ වූ එම නිර්මාණයට සම්මාන පවා හිමි විය. ඔහුගේ ඉමහත් ජනාදරයට පත් මීළ`ග නිර්මාණය වූයේ ” රන්සිරිමල් ” ටෙලිනාට්‍යයි. එය ඔහුගේ තෙවන ටෙලිනාට්‍යය අධ්‍යක්‍ෂණයයි. ගයාරම්ය අල්විස් සම්ප‍්‍රදායෙන් මදක් බැහැරව සිදුකළ නිර්මාණයකි, ” කොළඹ අහස ” ටෙලිනාට්‍යය. එය මෙගා ටෙලිනාට්‍යයකි.
ගයාරම්ය අල්විස් හුදු ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂකවරයෙකුම නොවේ. ටෙලි නාට්‍ය තිර රචකයෙක් , කවියෙක් එමෙන්ම දක්‍ෂ ගී පද රචකයෙකුද වේ. ටෙලිනාට්‍ය රැුසකම තේමා ගීත ඔහු රචනා කර තිබේ. රන් සිරිමල් ටෙලි නාට්‍යයේ තේමා ගීතය , සිරිගෙ ඉරණම ටෙලිනාට්‍යයේ හිරුට නෑකම් කියා තේමා ගීතය ඔහුුගේ ඉතාමත් ජනප‍්‍රිය වූ ගී පද රචනා වේ.

”දුවන් දුවන්......
දූවිල්ල මතින්
අරුණැල්ල අරන්
පරවෙන්න කලින්........

රලූ බොරලූ ගැටී
මරු වැල් පැටලී
වැටුණත් නොවැටී
වැටි වැටි නැගිටී........
සිතිජ ඉරෙන්
සමකයට උඩින්
නුඹ ගිය සටහන්
පවතින විලසින්
දුවන් දුවන්...........”

 ”රන් සිරිමල්” ටෙලිනාට්‍යයේ තේමා ගීතය.



ගයාරම්ය අල්විස් කලාකරුවාණන් ලබාගත් සම්මාන.


2000 වසරේ පැවති ” සුමති ටෙලි සම්මාන ” උළෙලේදී හොඳම යොවුන්  අධ්‍යක්‍ෂකවරයාට හිමි සම්මානය ගයාරම්ය අල්විස් හිමිකරගන්නා ලදි. ඒ 1999 ඔහුගේ කුලූඳුල් ප‍්‍රාසාංගික ටෙලි නිර්මාණය වූ ” මිරි`ගුතෙර ” ටෙලිනාට්‍යය වෙනුවෙන්ය.
දශක තුනක කුරිරු යුද්ධය පාදක කරගනිමින් නිර්මාණය කළ ” උත්තම පූජා ” වාර්තා වැඩසටහන වෙනුවෙන් 2005 ” සුමති සම්මාන ” උළෙලේ ජූරියේ ප‍්‍රශස්ථ  සම්මානය හිමි කරගන්නා ලදි.
මීට අමතරව ගයාරම්ය අල්විස් රචනා කළ ටෙලිනාට්‍ය තේමා ගීත රාශියකටම සුමති , රාජ්‍ය සහ  ඕ . සී . අයි . සී සම්මාන හිමි විය.

ගයාරම්ය අල්විස් නිර්මාණ පෙළහර.


ටෙලිනාට්‍ය.

”2015 ” ඒකාංගික ටෙලිනාට්‍යය. 1996

”මිරි`ගුතෙර ” ප‍්‍රාසාංගික ටෙලි නාට්‍යය.   1999

”උත්තමපූජා ” වාර්තා රංගය 2004

”රන්සිරිමල් ” ප‍්‍රාසාංගික ටෙලි නාට්‍යය   2012

”කොළඹ අහස  ” මෙගා ටෙලිනාට්‍යය 2014


ගීත රචනා.


” රන් සිරිමල් ”ටෙලිනාට්‍යයේ තේමා ගීතය.

” සිරිගෙ ඉරණම ” ටෙලි නාට්‍යයේ තේමා ගීතය.

” කොළඹ අහස ” ටෙලි නාට්‍යයේ තේමා ගීතය.

නිමල් පද්මකුමාරයන් ගායනා  කරන දර්ශන රුවන් දිසානායක සංගීතවත්් කළ ” සියපත ” ගිතය.

රන්වල  බලකායේ ” වප්මගුල් පෙළහර ” ගීතය.


ගයාරම්යයන්ගේ නිර්මාණයන්හි සුවිශේෂීතා.

      වර්තමානයේ පවතින පරිභෝජනවාදී සමාජක‍්‍රමය තුළ කලා නිර්මාණයන්ද වෙළඳ භාණ්ඩයක් වී හමාරය. නමුත් අතලොස්සක් වූ නිර්මාණකරුවන්  ඕලාරික රසවින්දනය ඉක්මවා ගිය රසිකයන් ආනන්දයෙන් ප‍්‍රඥාව කරා ගෙන යන නිර්මාණකරණයෙහි යෙදෙයි. එවන් වූ නිර්මාණකරුවන් අතලොස්සෙන් එක් නිර්මාණකරුවෙකි ගයාරම්ය අල්විස්.
හුදු වාණිජ අරමුණ පෙරදැරිව කර්මාන්තමය ස්වරූපයෙන් වර්තමානයේ පවත්වාගෙන යනු ලබන ටෙලි නාට්‍ය කලාව තුළ ගයාරම්යයන් ඉටු කරන සේවය අනුපමේයයි.
”2015 ඒකාංගික ටෙලි නිර්මාණය” හි සිට ” කොළඹ අහස ” මෙගා ටෙලිනාට්‍ය දක්වා වූ ඔහුගේ සෑම ටෙලි නිර්මාණයක්ම සහෘද සමාජයට යම් පණිවිඩයක් රැුගෙන යයි.
මෑත කාලීනවම නිර්මාණය වූ ” කොළඹ අහස ” ටෙලිනාට්‍යය මෙගා ටෙලි නාට්‍යයක් වුවත් වෙනත් මෙගා ටෙලිනාට්‍යවලින් එය ඉඳුරාම වෙනස් වේ. එය හුදු මෙගා නාට්‍ය රැුල්ලට හසු වූ නිර්මාණයක් නොවේ. උදාහරණ ලෙස එහි කතා තේමාව ගත් කල පවා ගැඹුරු සමාජ යථාර්තයක් හෙළි කරයි. වෙනත් මෙගා නාට්‍ය මෙන් එකම දර්ශන පසුතල භාවිත කිරීම , එක් දිනකට විශාල රූපගත කිරීම් ප‍්‍රමාණයක් සිදු කිරීම, ආදිය ඔහු සිදු නොකළේය. තවද නලූනිළියන් තෝරා ගැනීමේදී පවා සූක්‍ෂමව එය සිදු කිරීම ආදී කරුණු නිසා කොළඹ අහස ටෙලිනාට්‍යය පේ‍්‍රක්‍ෂකයා මනාව නිර්මාණය වෙත ඇදබැඳ ගැනීමට හේතු විය.
”රන් සිරිමල් නාට්‍යයේදී ” පවා ඔහු ගෙන එන්නේ සුන්දර වූ සිහින ලෝකයක් නොවේ. ලාංකීය සමාජයේ අනන්තවත් දැකිය හැකි දක්‍ෂ යෞවනයෙකුගේ කථාපුවතකි.
ගීත රචනයේදීද ඔහු තමන්ටම ආවේනික ශෛලියක් ගොඩනගාගෙන තිබේ. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය තේමා ගීත රචනයේදී සමස්ථ ටෙලිනාට්‍යයේ සාරය ඔහු තේමා ගීතය තුළට ගන්නේ අපූර්ව ආකාරයෙනි.
උත්්තම පූජා වාර්තා රංගයෙහිදීද ඔහු ටෙලිනාට්‍ය නිර්මාණයට නොදෙවෙනි හැකියාවක් ප‍්‍රකට කරයි. තිස්වසරක යුද්ධය අලලා නිර්මාණය වූ එයට විශාල ජනාදරයක් හිමිවීම සහ සම්මාන පවා හිමිවීම තුළ ඔහුගේ නිර්මාණාත්මක හැකියාව මනාව ප‍්‍රකට වේ.
මේ ආදී වූ නිර්මාණාත්මක සුවිශේෂීතා රාශියක්ම ගයාරම්ය අල්විස් නම් වූ ඒ සොඳුරු නිර්මාණකරුවාගේ නිර්මාණයන් තුළ මනාව දැකිය හැක.

                                         ෆිදෙල් කැස්ත්‍රෝ




කස්ත්‍රෝ උපන්නේ කියුබාවේ ඔරිඑන්ටේ පළාතේ බයිරන් ප‍්‍රදේශයේ ය. ඒ 1923 අගෝස්තු 26 දිනයි.
විශාල උක් වගාවක හිමිකරු වූ ඈන්ජල් කස්ත්‍රෝ ආර්ගිස් ඔහුගේ පියාය.  මව ලීනා රීස් ය.ඔහුගේ මුල් නම වූයේ ෆිදෙල් ඇලිජැන්ඩෝ රූස් ය.ෆිදෙල් 1945 දී හවානා විශ්වවිද්‍යාලයට නීති ශිෂ්‍යයෙකු ලෙස ඇතුළත් විය. 
එහිදී ඔහු බැටිස්ටාගේ් ඒකාධිපති පාලනයත් ඇමරිකානු සමාගම් විසින් කියුබානු දේශය සූරාකෑමත් අත්විඳින ලදි. එනිසාවෙන්ම ෆිදෙල් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානයකට බැඳුනි.ඔහුගේ නායකත්ව ලක්‍ෂණ ඉස්මතු වී පෙනෙන්නට පටන් ගන්නේ එතැන් සිටයි.
      ශිෂ්‍ය දේශපාලනයේදී ෆිදෙල් කැපී පෙනෙන චරිතයක් විය. 1952 මැතිවරණයට ඉදිරිපත් වෙමින් ඔහු ප‍්‍රසිද්ධ දේශපාලනයට පිවිසේ.ඔහු හවානා නගරයේ ආකර්ශනීයම දේශපාලන චරිතය විය.නමුත් බැටිස්ටා අසාධාරණ ලෙස එම මැතිවරණය අවලංගු කරන ලදි. 
      තම විප්ලවීය සගයන් සමඟ පවතින දූෂිත පාලනයට එරෙහිව පළමු වෙඩි මුරය තබමින් ඔවුන් 1953 ජූලි 26 මොන්කාඩෝ හමුදා බැරක්කයට පහර දුනි.මේ සම්බන්ධයෙන් නීතියෙන් වරදකරු වූ ෆිදෙල් වසර 15ක සිර දඩුවමකට යටත් විය. දෙවසරකින් නිදහස් වන ඔහු ආජන්ටිනාවට පලා යයි. එහිදී ඔහුට ආජන්ටිනාවේ වෛද්‍යවරයෙකු වූ සහ මාක්ස්වාදී විප්ලවවාදියෙකු වූ අර්නස්ටෝ චේගුවේරා හමු වේ.ආජන්ටිනාවේ සිට නැවත සිය සගයන් සමග කියුබාවට පැමිණීමේදීද විවිධ බාධකවලට මුහුන පෑමට සිදු විය. බාධක මධ්‍යයේ වුවද සිය රටට පැමිණි ඔහු සියෙරා මයෙස්ත‍්‍රා කදුකරයේ සැගව හමුදාව සංවිධානය කළේය.
       හමුදාව සංවිධානය කර සන්නද්ද  අරගලය දියත් කරමින් වසර දෙකක් තුළ බැටිස්ටාගේ සියලු මරමස්තාන  යටත් කර ගැනීමට ෆිදෙල්ට හැකි විය.1959 ජනවාරි 01 අගනගරය අත්පත් කරගනිමින් ෆිදෙල් කියුබානු විප්ලවයේ විජයග‍්‍රහනය සනිටුහන් කළේ්ය.ජෝස් මිරෝ නව රජයේ අගමැති විය.කස්ත්‍රෝ කියුබානු හමුදාව් ප‍්‍රධානියා විය.මාස කිපයකින් අගමැති ජෝස් ඉල්ලා අස් වූ අතර 1959 පෙබරවාරි 16 දින කස්ත්‍රෝ කියුබාවේ අගමැති ධූරයේ දිවුරුම් දුන්නේය. 
              ඔහු සැබෑ නායකයෙකු ලෙස එතැන් පටන් කියුබාවට විශාල සේවයක් ඉටු කළේය.කස්ත්‍රෝ කියුබාවට නව ආර්ථික ප‍්‍රතිසංස්කරන රාශියක් හදුන්වා දුන්නේය. වතු සහ කම්හල් ජනසතු කළේය.
එතෙක් පැවති ඇමරිකානු ඒකාධිකාරියට තිත තැබුවේය.නව කෘෂිකාර්මික ප‍්‍රතිසංස්කරණ හදුන්වා දුන්නේය.
කස්ත්‍රෝගේ වැඩපිළිවෙළ නොරිස්සූ අධිරාජ්‍යවාදීන් ඔහුට විවිධ කෙනෙහිලිකම් කරන ලදි.1959 සිට සීඅයිඒ ඒජන්තයින් විසින් ෆිදෙල්ව ඝාතනය කිරීමට 638 වතාවක් උත්සහ කර තිබේ.කෙසේ වෙතත් ෆිදෙල් අසහාය විප්ලවීය ජීවගුනයකින් හෙබි දෙශපාලන පෞරුෂයක් ලෙස ඉතිහාසයේ රන් අකුරින් ලියැවී අවසන්ය. 


ෆිදෙල් කස්ත්‍රෝ 

අධිරාජ්‍යවාදය විසින්
මානව වර්ගයා මත 
පතිත කළ 
බලහත්කාරය 
සුනු විසුනු කරමින් 
කියුබානු ජනතාවට පමණක් නොව 
ලොව පුරා තැලෙන පොඩිවන මිනිසුන්ට 
නව ජීවයක් නව ප‍්‍රාණයක් 
ගෙන දුන් 
මාක්ස්වාදී සටන්කාමී 
අද්විතීය නායකයෙකු වේ...............

Wednesday, June 24, 2015

මුස්ලිම් සංස්කෘතිය තුළ විවාහය හා ඒ හා බැ`දුණු අන්තර් සංස්කෘතික ලක්‍ෂණ.



               මුස්ලිම්වරුන්ගේ ආගම වන්නේ ඉස්ලාම් ආගමයි. ඔවුන්ගේ සංස්කෘතිය තුළ බොහෝ තීන්දු තීරණ ගනු ලබන්නේ ආගම විසිනි. ඒ අනුව මුස්ලිම්වරුන්ගේ විවාහය පිළිබ`දවද චාරිත‍්‍ර වාරිත‍්‍ර නියම කරනු ලබන්නේද ඔවුන්ගේ ආගමෙනි. මෙහිදී ස`දහන් කළයුතු විශේෂ කරුණක් නම් මුස්ලිම්වරුන්ගේ ආගම නීතියද නීතිය ආගමද වේ. එනිසා විවාහය පිළිබ`දවද සියලූ නීති,
    ” සරියා නීතියෙන් ”
පනවා ඇත. එනිසා විවාහය සම්බන්ධ චාරිත‍්‍ර වාරිත‍්‍ර ස`දහා වෙනත් ආගම්වලට සාපේක්‍ෂව මුස්ලිම් ආගමේ අන්තර් සංස්කෘතික මිශ‍්‍රවීම් අඩුය.
    මුස්ලිම් ආගමේ විවාහය හ`දුන්වන්නේ ” නිකාහ් ” යන නමිනි. ඔවුන්ගේ ආගමට අනුව විවාහයක් සිදු වීමට දෙදෙනාගේ කැමැත්ත අනිවාර්ය වේ. මෙහිදී මුලින්ම සිදුවන්නේ අදාල තරුණයා තරුණිය බැලීමට ඇගේ නිවසට යාමයි. පසුව දෙදෙනාගේ කැමැත්ත දැනුම් දෙයි. දෙදෙනාම විවාහයට කැමැත්ත පළකරයි නම්, දිනයක් යොදාගෙන පල්ලියේදී විවාහ ගිවිස ගනී. එහිදී මනාළියගේ පියා හෝ සහෝදරයෙකු හෝ ඔවුන් නොමැති නම් බාප්පා කෙනෙකු මනාළියගේ අතින් අල්ලා මනාලයාට භාර දෙයි. ඉන් පසු දිනයකදී විවාහ උත්සවය පවත්වයි. එහිදී මනාළයා මනාළියගේ නිවසට යයි. මනාළියගේ නිවසේදී දෙපාර්ෂවයේම ඥාති පිරිසට සංග‍්‍රහයක් පවත්වයි. ඉන් පසුව මනාලයා මනාළියගේ නිවසෙහි දින දෙකක් හෝ තුනක් නවතී. පසුව මනාළයාගේ නිවසට දෙදෙනාම යයි.
    මෙම මුස්ලිම් විවාහය තුළ දැකිය හැකි අන්තර් සංස්කෘතීක ලක්‍ෂණ අවම වේ. මන්ද ස්ලාම් ආගමට අනුව විවාහ චාරිත‍්‍ර ඉටුවීමත්, ආගම යනු නීතිය වීමත් නිසාය.  නමුත්  මැදපෙරදිග කලාපයේ හැර වෙනත් කලාපවල වර්තමානය වන විට මුස්ලිම්වරුන්ගේ විවාහ චාරිත‍්‍ර තුළ යම් යම් අනතර් සංස්්කෘතික ලක්‍ෂණ දැකිය හැක.

උදාහරණ ලෙස ඔවුන්ගේ විවාහ චාරිත‍්‍රවල තැල්ල පැළ`දවීමක් නොමැති වුවත්, හින්දු විවාහ චාරිත‍්‍රවල එන තැල්ල පැළ`දවීමේ චාරිත‍්‍රය මැදපෙරදිග හැර වෙනත් රටවලදී මුස්ලිම්වරුන් සිදු කරයි. මෙලෙස සිදුකරන්නේ බෙහෝවිට ඉන්දියාව, පාකිස්තානය, ලංකාව ආදී ආසියාතික රටවලය. ඒ අනුව හින්දු සංස්කෘතිය මුස්ලිම් සංස්කෘතිය සම`ග යම් අන්තර් සබ`දතාවයක් දක්වන බවක් පෙනේ.
    මුස්ලිම් සංස්කෘතිය තුළ ඉස්ලාම් ආගමෙහි ස`දහන් වන පරිදි මුස්ලිම් භක්තිකයන්ට විවාහයකදී මනාලයා විසින් මනාළියගෙන් දෑවැද්ද යන්න ලබාගැනීම තහනම්ය. ඔවුන්ගේ චාරිත‍්‍රය වන්නේ මනාලයා විසින් මනාළියට දෑවැද්දක් ලබා දීමයි. මෙහිදී මුදල් හෝ රත්රං හෝ මනාළයා මනාළියට ලබා දෙයි. නමුත් වර්තමානය වන විට විශේෂයෙන්ම ලංකාවේ හා ඉන්දියාවේ මුස්ලිම් විවාහ තුළ හින්දු සහ බටහිර විවාහවලදී මෙන් මනාළිය විසින් මනාළයාට දෑවැද්ද ලබා දීම සුලභව සිදු වේ.
    විවාහ උත්සවවලදී මුස්ලිම්වරුන්ට ආගමෙන්් නියම කළ විශේෂ ඇ`දුමක් නැත නමුත් වර්තමානය වන විට මනාළයා හින්දු මනාලයෙකු අ`දින ආකාරයෙන් කුරුතාව අ`දියි. තවත් අය බටහිර සංස්කෘතියේ එන ටයි කෝට් සහිත ඇ`දුම අ`දිනු ලබයි.
   
                                                  


මනාළියටද විවාහ දිනයේ ඇ`දීමට විශේෂ ඇ`දුමක් මුස්ලිම් සංස්කෘතිය තුළ නොවන අතර ඉස්ලාම් ආගම තුළ සමාන්‍යයෙන් කාන්තාවන්ට තම ශරීරයේ සියලූ කොටස් වැසෙන පරිදි ඇ`දුම් ඇ`දීම සිදු කළ යුතුය.
    නමුත් වර්තමානය වන විට මුස්ලිම් මනාළිය හින්දු මනාළියන් අ`දින ඇ`දුම බොහෝවිට අ`දිනු ලබන අතර ඇතැම් අවස්ථාවලදී බටහිර මනාළියක මෙන් අ`දින අවස්ථාද සුලූ වශයෙන් දැකිය හැක.(මැද පෙරදිග රටවලදී හැර.*
    තවද මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ සංස්කෘතිය තුළ බහු විවාහය පුරුෂයන්ට යම් යම් කොන්දේසි මත සිදු කරගත හැකිය. ඒ අනුව එක් පුරුෂයෙකුට කාන්තාවන් සිව් දෙනෙකු විවාහ කරගත හැකිය. වර්තමානය වන විට බොහෝ  මුස්ලිම් තරුණයන් බටහිර සංස්කෘතියේ මෙන් එක් කාන්තාවක් පමණක් විවාහ කරගැනීමට පෙළඹී සිටී.
    ඉහත ආකාරයට මුස්ලිම් සංස්කෘතිය තුළ ඉතා වැදගත් ස්ථානයක් හිමිවන විවාහය විවිධ සංස්කෘතීන් සම`ග අන්තර් සබ`දතා සාපේක්‍ෂව අඩු වශයෙන් වුවද දක්වන බව දැකගත හැකිය.