මුස්ලිම්වරුන්ගේ ආගම වන්නේ ඉස්ලාම් ආගමයි. ඔවුන්ගේ සංස්කෘතිය තුළ බොහෝ තීන්දු තීරණ ගනු ලබන්නේ ආගම විසිනි. ඒ අනුව මුස්ලිම්වරුන්ගේ විවාහය පිළිබ`දවද චාරිත‍්‍ර වාරිත‍්‍ර නියම කරනු ලබන්නේද ඔවුන්ගේ ආගමෙනි. මෙහිදී ස`දහන් කළයුතු විශේෂ කරුණක් නම් මුස්ලිම්වරුන්ගේ ආගම නීතියද නීතිය ආගමද වේ. එනිසා විවාහය පිළිබ`දවද සියලූ නීති,
” සරියා නීතියෙන් ”
පනවා ඇත. එනිසා විවාහය සම්බන්ධ චාරිත‍්‍ර වාරිත‍්‍ර ස`දහා වෙනත් ආගම්වලට සාපේක්‍ෂව මුස්ලිම් ආගමේ අන්තර් සංස්කෘතික මිශ‍්‍රවීම් අඩුය.
මුස්ලිම් ආගමේ විවාහය හ`දුන්වන්නේ ” නිකාහ් ” යන නමිනි. ඔවුන්ගේ ආගමට අනුව විවාහයක් සිදු වීමට දෙදෙනාගේ කැමැත්ත අනිවාර්ය වේ. මෙහිදී මුලින්ම සිදුවන්නේ අදාල තරුණයා තරුණිය බැලීමට ඇගේ නිවසට යාමයි. පසුව දෙදෙනාගේ කැමැත්ත දැනුම් දෙයි. දෙදෙනාම විවාහයට කැමැත්ත පළකරයි නම්, දිනයක් යොදාගෙන පල්ලියේදී විවාහ ගිවිස ගනී. එහිදී මනාළියගේ පියා හෝ සහෝදරයෙකු හෝ ඔවුන් නොමැති නම් බාප්පා කෙනෙකු මනාළියගේ අතින් අල්ලා මනාලයාට භාර දෙයි. ඉන් පසු දිනයකදී විවාහ උත්සවය පවත්වයි. එහිදී මනාළයා මනාළියගේ නිවසට යයි. මනාළියගේ නිවසේදී දෙපාර්ෂවයේම ඥාති පිරිසට සංග‍්‍රහයක් පවත්වයි. ඉන් පසුව මනාලයා මනාළියගේ නිවසෙහි දින දෙකක් හෝ තුනක් නවතී. පසුව මනාළයාගේ නිවසට දෙදෙනාම යයි.
මෙම මුස්ලිම් විවාහය තුළ දැකිය හැකි අන්තර් සංස්කෘතීක ලක්‍ෂණ අවම වේ. මන්ද ස්ලාම් ආගමට අනුව විවාහ චාරිත‍්‍ර ඉටුවීමත්, ආගම යනු නීතිය වීමත් නිසාය. නමුත් මැදපෙරදිග කලාපයේ හැර වෙනත් කලාපවල වර්තමානය වන විට මුස්ලිම්වරුන්ගේ විවාහ චාරිත‍්‍ර තුළ යම් යම් අනතර් සංස්්කෘතික ලක්‍ෂණ දැකිය හැක.
උදාහරණ ලෙස ඔවුන්ගේ විවාහ චාරිත‍්‍රවල තැල්ල පැළ`දවීමක් නොමැති වුවත්, හින්දු විවාහ චාරිත‍්‍රවල එන තැල්ල පැළ`දවීමේ චාරිත‍්‍රය මැදපෙරදිග හැර වෙනත් රටවලදී මුස්ලිම්වරුන් සිදු කරයි. මෙලෙස සිදුකරන්නේ බෙහෝවිට ඉන්දියාව, පාකිස්තානය, ලංකාව ආදී ආසියාතික රටවලය. ඒ අනුව හින්දු සංස්කෘතිය මුස්ලිම් සංස්කෘතිය සම`ග යම් අන්තර් සබ`දතාවයක් දක්වන බවක් පෙනේ.
මුස්ලිම් සංස්කෘතිය තුළ ඉස්ලාම් ආගමෙහි ස`දහන් වන පරිදි මුස්ලිම් භක්තිකයන්ට විවාහයකදී මනාලයා විසින් මනාළියගෙන් දෑවැද්ද යන්න ලබාගැනීම තහනම්ය. ඔවුන්ගේ චාරිත‍්‍රය වන්නේ මනාලයා විසින් මනාළියට දෑවැද්දක් ලබා දීමයි. මෙහිදී මුදල් හෝ රත්රං හෝ මනාළයා මනාළියට ලබා දෙයි. නමුත් වර්තමානය වන විට විශේෂයෙන්ම ලංකාවේ හා ඉන්දියාවේ මුස්ලිම් විවාහ තුළ හින්දු සහ බටහිර විවාහවලදී මෙන් මනාළිය විසින් මනාළයාට දෑවැද්ද ලබා දීම සුලභව සිදු වේ.
විවාහ උත්සවවලදී මුස්ලිම්වරුන්ට ආගමෙන්් නියම කළ විශේෂ ඇ`දුමක් නැත නමුත් වර්තමානය වන විට මනාළයා හින්දු මනාලයෙකු අ`දින ආකාරයෙන් කුරුතාව අ`දියි. තවත් අය බටහිර සංස්කෘතියේ එන ටයි කෝට් සහිත ඇ`දුම අ`දිනු ලබයි.
මනාළියටද විවාහ දිනයේ ඇ`දීමට විශේෂ ඇ`දුමක් මුස්ලිම් සංස්කෘතිය තුළ නොවන අතර ඉස්ලාම් ආගම තුළ සමාන්‍යයෙන් කාන්තාවන්ට තම ශරීරයේ සියලූ කොටස් වැසෙන පරිදි ඇ`දුම් ඇ`දීම සිදු කළ යුතුය.
නමුත් වර්තමානය වන විට මුස්ලිම් මනාළිය හින්දු මනාළියන් අ`දින ඇ`දුම බොහෝවිට අ`දිනු ලබන අතර ඇතැම් අවස්ථාවලදී බටහිර මනාළියක මෙන් අ`දින අවස්ථාද සුලූ වශයෙන් දැකිය හැක.(මැද පෙරදිග රටවලදී හැර.*
තවද මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ සංස්කෘතිය තුළ බහු විවාහය පුරුෂයන්ට යම් යම් කොන්දේසි මත සිදු කරගත හැකිය. ඒ අනුව එක් පුරුෂයෙකුට කාන්තාවන් සිව් දෙනෙකු විවාහ කරගත හැකිය. වර්තමානය වන විට බොහෝ මුස්ලිම් තරුණයන් බටහිර සංස්කෘතියේ මෙන් එක් කාන්තාවක් පමණක් විවාහ කරගැනීමට පෙළඹී සිටී.
ඉහත ආකාරයට මුස්ලිම් සංස්කෘතිය තුළ ඉතා වැදගත් ස්ථානයක් හිමිවන විවාහය විවිධ සංස්කෘතීන් සම`ග අන්තර් සබ`දතා සාපේක්‍ෂව අඩු වශයෙන් වුවද දක්වන බව දැකගත හැකිය.
This is very useful us. I wish u.... write more $ more
ReplyDeletegreat
ReplyDelete