Wednesday, June 24, 2015

කජුගම 


ශී‍්‍ර ලංකාවේ කජු කර්මාන්තය විශේෂයෙන්ම කජු වෙළඳාම සඳහා ප‍්‍රසිද්ධියක් උසුලන ප‍්‍රදේශයකි ගම්පහ දිස්ති‍්‍රක්කයේ නිටටඹුව බටලීය හෙවත් කජුගමxමේ ප‍්‍රදේශයේ කජු වෙළඳාම පාදකකොටගෙන විශේෂ සංස්කෘතියක් බිහි වී තිබේx
ගම්පහ දිස්ති‍්‍රක්කයේ නිටටඹුව බටලීය හෙවත් කජුගම ප‍්‍රදේශයේ දැනට ජීවත්වන වයස්ගතම (අවුරුද 95* කාන්තාව වන ලිලි නෝනා පවසන පරිදි  මේ ප‍්‍රදේශයේ කජු වෙළඳාම ආරමභ වන්නේ 1930 දශකයේදීයx
95 වියැති ලිලි නෝනා මාතාව
1930 දශකයේ මුල් භාගයේ ලිලි නෝනා මාතාවගේ මිත්තනිය බෝලාන මංසන්දියේ පස්සයාල තැබෑරුමට යන මිනිසුන්ට කටගැස්මට ගැනීමට පිළිස්සූ කජු විකුණා තිබේx එය මේ               ප‍්‍රදේශයේ කජු වෙළඳාමේ ආරම්භය ලෙස ලිලි නෝනා මාතාව පවසයිx


85 වියැති මැයි නෝනා මේ ප‍්‍රදේශයේ කජු වෙළඳාමේ ආරම්භය පිළිබඳ තවත් අදහසක් දක්වයxි   













               මැයි නෝනා මාතාව



මැය කුඩා කල ඇගේ මව යම් උවමනාවක් සඳහා ගැනීමට කොළඹ නුවර මාරගය අසල මාගලක කජුමද වෙලීමට දමා තිබුනxි මාරගයේ ගමන් කළ කාර් රථයක් නවතා මේ මොනවාදැයි අසා තිබේ කරුනු පහදා දුන් පසු කාර් රථයේ හුන් තැනැත්තාට කජු මිලට ගැනීමට අවශ්‍ය වියx මැයි නෝනාගේ මව ඔහුට කජු විකුණා නොසිතූ ලාභයක් ලැබුවායx
ඉන් පසුව මැයි නෝනා මාතාවගේ මව නිවසේ තිබූ වංගෙඩිය කොළඹ නුවර මාර්ගය අසල තබා එය උඩින් ලෑල්ලක් තබා කජු වෙළඳාම ආරම්භ කරන ලදxි මෙය දුටු අසල නිවෙස් කීපයක කාන්තාවන්ද ඒ ආකාරයට  කජු වෙළඳාම ආරම්භ කරන ලදxි

බටලීය ගම කජුගම ලෙස නම් කිරීම


ජනාධිපති පේ‍්‍රමදාස සමයේදී මග දෙපස කජු වෙළඳාම කිරීම වෙනුවට වෙළඳසැල් 52 කින් යුත් කජු වෙළඳ සංකීර්නයක් නිමවා බටලීය ගම කජුගම ලෙස නම් කරන ලදxි නමුත් වෙළඳාම අඩු වූ නිසා ඔවුන් ටික කලකින් නැවත මග දෙපස කජු වෙළඳාම කිරීමට පෙළඹුණxි නමුත් කජුගම යන නාමය දිගටම පැවතුණිx වර්තමානය වන විට එම වෙළඳ සංකීරනයේ පුරාවස්තු අනුරූ වෙළඳසැලක් පවත්වාගෙන යනු ලබයිx














ජනාධිපති පේ‍්‍රමදාස සමයේ පිහිටුවන ලද වෙළදසැල් 52කින් යුත්   කජු වෙළඳ සංකීර්නය 
කජුගම සංස්කෘතියේ විශේෂ ලක්‍ෂණ


කජුගමටම ආවේනික සංස්කෘතියේ වඩාත් කැපී පෙනෙන ලක්‍ෂණයකි කජුගමටම ආවෙනික ඇඳුමx එහි ඉතිහාසය වන්නේ, 
  මැයි නෝනාගේ මවට සංචාරක මගපෙන්වන්නෙකු කී නිසා කජු වෙළඳාමෙදී ඇය නිතරම චීත්ත රෙද්ද සහ හැට්ටය ඇඳීමට හුරු වියx ඒ අනුව යමින් 1940 දශකය වන විට කජු වෙළඳාමේ යෙදනු සියලු තරුණියන් සාමප‍්‍රදායික චීත්ත රෙද්ද සහ හැටටය ඇඳීමට හුරු වියx මේ ආකාරයට අදටත් කජු වෙළඳාමේ යෙදෙන බොහෝ යුවතියන් චීත්ත රෙද්ද සහ හැටටය ඇඳීමට හුරු වී ඇතx අවුරුදු 12 දී කජු වෙළඳාමට සමබන්ධ වූ සුජීවා මහත්මිය පවසන්නේ එය ඔවුන්ගේ අනන්‍යතාවය බවයxි තවද ඇය පවසන පරිදි දෙස් විදෙස් සංචාරක ආකරෂණය ලබා ගැනීමට මෙම ඇඳුම බෙහෙවින්ම උපකාරී වේx



                                                                                සුජීවා මහත්මිය





කජුගම වැසියන්ගේ භාෂාව ගත් කල එය ඉතාමත් සුහදශීලී භාෂාවකිx ඔවුන් විශේෂයෙන්ම කාන්තාවන් ඔිනෑම අයෙකුගේ සිත් ඇදගන්නා ආකාරයෙන් කතාබස් කරයිx එය ඔවුන්ගේ වෙළඳාමටද මනා පිටුබලයක් සපයන බව සුජීවා මහත්මිය පැවසුවායx ඊට අමතරව කජු නිෂ්පාදන ක‍්‍රියාවලියේදීද භාවිත කරන වචන තිබේx ලෙලි කජු, කොට්ට කජු, නාඹර කජු, කජු කුරුට්ට, කෑලි කජු, සුදු කජු, ආදී වචන ඉන් සමහරකxි
1930 දශකයේ සිට මේ දක්වාම කජු වෙළඳාමේ යෙදෙන කජුගම වැසියෝ සියලුම දෙනා සිංහල බෞධයෝ වෙතිx ඔවුන්ද වෙනත් සිංහල බෞධයන් මෙන්ම ආගමික සංස්කෘතික කටයුතුවල නිරත වේx
මුල් කාලීනව කජු වෙළඳාමේ විවාහක කාන්තාවන්ද නිරත වූ අතර 1950 දශකය වන විට කජු වෙළඳාමේ යෙදුනේ අවිවාහක යුවතියන් පමනxි එනිසාම ඔවුන්ට කජු ළඳුන් යන නාමයද පටබැඳුනිx
                                                                                                                                                        



1990 දශකය වන විට කජු වෙළඳාමේ නිරත වීමෙදී අත වනා අඩගසන ආකාරයක් දක්නට ලැබිනිx අවුරුදු 12 දී කජු වෙළඳාමට සමබන්ධ වූ සුජීවා මහත්මිය පවසන්නේ අද වන විට එයද ඔවුන්ගේ අනන්‍යතාවයක් බවට පත්ව ඇති බවයිx කජුගම යන නම ඇසුනු සැනින් චීත්ත රෙද්ද සහ හැට්ටය හැඳ මග දෙපස අත වනන ළඳුන්ගේ රුව අප මනසේ මැවෙන්නේ එබැවිනිx








කජු වෙළඳාමට අමතරව 1970 දශකයේ සිට කජු ළඳුන් තැඹිලි අඹ අන්නාසි වෙළඳාමද සිදු කරයිx නමුත් ඒ ඉතා සුලු වශයෙනිx
කජුගම කජු වෙළඳාමේ යෙදෙන්නේ කාන්තාවන් පමණxි පුරුෂයන් සිදු කරන්නේ ආසන්න ප‍්‍රදේශවලින් කජු සොයාගැනීමයිx මන්ද කජුගම යනු විශාල වශයෙන් කජු වැවෙන ප‍්‍රදේශයක් නොවන නිසාවෙනිx අලව්ව, ගිරිඋල්ල, කුරුණෑගල ආදී ප‍්‍රදේශ එලෙස කජු සොයාගන්නා ප‍්‍රදේශ වේx
 ආරම්භයේ සිටම කජුගම විවාහ කටයුතු සිදු වූයේ ගමේම තරුණ තරුණියන් අතරයxි ඉතා සුලු අවස්ථා කීපයකදී පමණක් පිටගම්වලින් මනාලියන් කැන්දන් ඒම සහ පිටගම්වලට දීගදීම සිදු වී තිබේx ගමට කැන්දන් ආ යුවතියන්ද කජු වෙළඳාමේ නිරත වේx  
කජුගම සංස්කෘතියේ වත්මන් තත්වය


සංස්කෘතිය යනු පතැස් පොකුණක් නොව එය ගලා බසින්නාවූ ගංගාවක් වැනියx ඒ අනුව ලෝකයේ සෑම සංස්කෘතියක්ම මෙන්ම කජුගම සංස්කෘතියද අද වන විට වෙනස්කමවලට භාජනය වී තිබේx 
මුල් කාලීනව කජු වෙළඳාම සිදු කරනු ලැබුවේ පොල් අතු කුටිවලයx ඉන් පසු චන්දිකා ජනාධිපතිනියගේ සමයේ ගඩොලින් ගොඩනගන ලද උලු සෙවිලි කරන ලද කුටි සාදා දෙන ලදxි එම කුටි, ටික කලකින් අබලන් වූ අතර 2005 වසරේදී ශී‍්‍ර ලංකා කජු සංස්ථාවෙන් කජු වෙළඳාමට කුඩ ලබා දෙන ලදxි අද වන විට කජු කුටි කජු කුඩවලට අමතරව කජු වෙළඳසැල්ද මග දෙපස දක්නට ලැබේx 

කජු කුටිය 





කජු කුඩය




කජු වෙළඳසැල්








මුල් කාලීනව කජු වෙළඳාමේ නිරත වීමෙදී අත වනා අඩගැසීමක් දක්නට නොලැබුනු අතර 1990 දශකය වන විට වෙළඳාමේ නිරත වීමෙදී අත වනා අඩගසන ආකාරයක් දක්නට ලැබිනිx අද පවා කොළඹ නුවර පාරෙ ගමන් ගන්නා වාහනවලට අත වනන කජු ළඳුන් සුලභයx 
මුල් කාලීනව කජු වෙළඳාමේ විවාහක කාන්තාවන්ද නිරත වූ අතර 1950 දශකය වන විට කජු වෙළඳාමේ යෙදුනේ අවිවාහක යුවතියන් පමනිx නමුත් අද වන විට වයස්ගත කාන්තාවන් පවා කජු වෙළඳාමෙ නිරත වන ආකාරය දක්නට ලැබේx 


                                            55 වියැති පද්මා මාතාව කජු වෙළඳාමේ යෙදෙන අයුරු



ප‍්‍රදේශයේ තරුණ පරපුර කජු වෙළඳාමට එතරම ප‍්‍රියතාවයක් නොදකවයි. බොහෝ තරුණ තරුණියන් ආසන්න ප‍්‍රදේශවල ඇති ඇගලුම් කමහල්වල සේවයට යොමු වී සිටී තවත් පිරිස් අධ්‍යාපනයෙන් ඉදිරියට යාමෙ නැඹුරුවක් පවතී
වරතමානය වන විට ගමෙ සිටින යුවතියන් වෙනුවට වෙනත් ප‍්‍රදේශවලින් අනුරාධපුරය කන්තලේ තලාව ආදී ප‍්‍රදේශ තරුණියන් ගෙන්වාගෙන කජු වෙළදාමෙ යෙදවා තිබෙ මෙලෙස ගෙන්වා ගන්නා තරුණියන් කජු වෙළදාම වෙනුවට වෙනත් අයතා ක‍්‍රියාවලද යොදවන බවට අවට ප‍්‍රදේශවල කටකතා පවතී එනම  කජු වෙළදාම සිදුකරන මුවාවෙන් යුවතියන් ගණිකා ව්‍යාපාරයේ යොදවන බවට රාවයක් පවතී

කජුගම සංස්කෘතිය ආශ‍්‍රිත ගැටලූ සහ කජුගම සංස්කෘතිය රැුකගැනීමට යෝජනා

කජු මිල මෑතක සිට ඉහල යමින් පවතින නිසා කජුගම වැසියන්ට සිය වෙළදාම කරගෙන යාමට අසීරු තත්වයක් උදා වී ඇති බව කජු වෙළදාමේ යෙදෙන බොහෝ දෙනෙක් පවසයි.
අද වනවිට කජු වෙළදසැල් 100කට අධික විශාල ප‍්‍රමානයක් පැවතීමද වෙලඳාමට ගැටලුවක් වී ඇති බව  කජු වෙළදාමේ යෙදෙන බොහෝ දෙනෙක් පවසයි.
මුල් කාලීනව  කජු වෙළදාම කළේ මෙම ප‍්‍රදේශයේ පමණක් වුවත් අද වනවිට කඳාන ප‍්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයන් පිරිසක්ද මහා පරිමානයෙන් කජු ව්‍යාපාරයේ නිරත වන බවත් එය කජුගම කජු වෙළදාමට තරජනයක් බවත් ඔවුන් පවසයි.
කජු වෙළදාමේ යෙදෙන අයට කජු මිලදී ගැනීමට ණය අධාර ක‍්‍රමයක් රජයෙන් හෝ රාජ්‍ය නොවන සංවිධානයකින් ලැබුනහොත් එය  කජු වෙළදාමේ යෙදෙන අයට විශාල සහනයක් බව කජු ව්‍යාපාරික ජයසිරි මහතා පවසයි.
තවමත් මේ ප‍්‍රදේශයේ කජු ව්‍යාපාරිකයන්ගේ සංගමයක් පිහිටුවා නොමැත. කජු ව්‍යාපාරිකයන්ගේ සංගමයක් පිහිටුවා එමගින් ඔවුන්ගේ ගැටලු විසදාගැනීමට සැලැස්වීමද කල හැක.
තවද දේශීය හා විදේශීය වශයෙන් ජනමාධ්‍ය මගින් විශාල ප‍්‍රසිද්ධියක් ලබා දීම මගින්ද කජුගම වෙළදාම තව දුරටත් ප‍්‍රවර්ධනය කළ හැක.
 

                                                                                                                                                                                                                                                                                                                                                                                

No comments:

Post a Comment