Wednesday, June 24, 2015

                                     සාර්ක් සංවිධනය

               කිසිදු පුද්ගලයෙකුට මේ ලොව තනිව වාසය කළ නොහැකි සේම කිසිම රටකටද තනිවී සිටීමට නොහැක.තනිවූ රටක පැවැත්ම අස්ථාවරයි.එනිසා සෑම රටක්ම පාහේ වර්තමානය වන විට අනෝන්‍ය සමිබන්ධතා තුලින් සිය රෙටි ආර්ථික,සාමාජිය හා දේශපාලනමය අංශ වඩාත් විධිමත්ව පවත්වාගෙන යයි.වර්තමානය වන විට රටවල සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට ප‍්‍රධාන ක‍්‍රමෝපාය ලෙස සොයාගෙන ඇත්තේ රටවල් කිහිපයක් කලාපීය වශයෙන් සංවිධානගත වීමයි.එවැනි සංවිධානවලට කලාපය තුල රටවල් ද සමහර සංවිධාන වලට එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැන්නකට ලෝකයේ රටවල් විශාල වශයෙනුත් සම්බන්ධ වී තිබේ.මෙවැනි සංවිධාන වලින් විශාල වාසි රටවලට මෙන්ම ලෝකයටද හිමි ව් තිබේ.ලොව වඩාත් ප‍්‍රසිද්ධ සංවිධාන ලෙස ඔපෙක් සංවිධානය,පොදු රාජ්‍ය මණ්ඩලීය සංවිධානය සහ සාක් සංවිධානය ඇතුලත්වේ.මේ තුලින් වඩාත්ම කැපි පෙනෙන සංවිධානයකි සාර්ක් සංවිධානය.සාර්ක් සංවිධානයේ දීර්ඝ නාමය වන්නේ දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානය වේ.එම නාමය ඇසූ පමණින්ම පසක් වන කරුණක් වන්නේ මෙය දකුණු ආසියාතික රටවලට පමණක් සීමාවූ කලාපීය සංවිධානයක් බවය.එහි සංක්ෂිප්ත නාමය න්‍දාසාර්ක්” වේ.ලොව මෙවැනි කලාපීය සංවිධාන ආරම්භ ව්ම දෙවැනි ලෝක සංග‍්‍රාමයත් සමග සිදුවිය.දෙවන ලෝක සංග‍්‍රාමය අවසන් වුවත් ඒ සමග භූගෝලීය කලාපයක් මුල්කරගත් ජාත්‍යන්තර සංවිධාන බිහිවීම එවකට තිබූ දේශපාලන වාතාවරණයකි.මෙම දේශපාලන ප‍්‍රවණාතාවයට හේතුව ජාත්‍යන්තරය තුල තනි රටක් ලෙස පැවතීම වර්තමානය වන විට දුෂ්කර කාර්යයක් වී තිබීමයි.
දකුණු ආසියාව නම් වු උපභූගෝලීය කලාපයට අයත් ඉන්දියාව,පාකිස්තානය,බංගලාදේශය,ශ‍්‍රී ලංකාව,නේපාලය,භූතානය,මාලදිවයින යන රටවල්ද වර්තමානය වන විට එම සංවිධානයට අලූතින්ම  එක්වූ රට ලෙස ඇෆ්ගනිස්තානය ද ඇතුලූව මෙම සංවිධානයේ සාමාජික රටවල් ගණන 8 කි.
දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානය නැතහොත් සාක් සංවිධානය නිල වශයෙන් ආරම්භ වූයේ ක‍්‍රි.ව.1985 දෙසැම්බර් මස 8 වැනිදා සියලූම සාමාජික රටවල රාජ්‍ය නායකයින් විසින් අත්සන් තැබූ සාක් ප‍්‍රඥප්තිය ප‍්‍රකාශයට පත් කිරීමත් සමගය.සාක් සංවිධානය වසර කිහිපයක් තිස්සේ දකුණු ආසියාතික රාජ්‍යයන් විසින් අනුගමනය කරනු ලැබූ ක‍්‍රියාවලියක් වශයෙන් බිහිවූවකි.
මෙම සාක් සංවිධානයේ නියමුවා වශයෙන් බංගලිදේශයේ ජනපතිකෙනෙකු වූ සියා උර් රහමන් හැදින්විය හැකිය.
කලාපීය වශයෙන් සහයෝගීතාවය වැඩිකිරීමට සංවිධානයක් අවශ්‍යබව රාජ්‍ය නායකයන්ට පෙන්වා දුන්නේ මොහුය. කි‍්‍ර.ව. 1981 අපේ‍්‍රල් 21 23 දකුණු ආසියාතික රටවල විදේශ ලේකම්වරුන්ගේ පළමු වටයේ සාකච්චා පවත්වන ලදි.
 මෙම සමුළුව කලාපීය සංවිධානයට හොද පදනමක් විය. මන්ද කලාපයට අදාල පොදු ප‍්‍රශ්නයක් විසදීමෙහිලා පොදු පරමාර්ථයකින් යුතුව කලාපීය පදනමක් යටතේ එකගතාවය මත තීරණයක් ගැනීමට සමුළුවට සහභාගී වූ ආසියාතික රටවල් සියල්ල විසින් තීරණය කිරීම නිසාය.
කි‍්‍ර. ව. 1985 දෙසැම්බර් 5 වන දින ඩකාහි විදේශ අමාත්‍යවරුන්ගේ රැුස්වීමට අනතුරුව දෙසැම්බර් 7 8 දිනවල දකුණු  ආසියාතික රටවල රාජ්‍ය නායකයින්ගේ ප‍්‍රථම රැුස්වීම පැවැත්විණි. මෙහිදී සිදුවූ සිදුවූ වැදගත්ම තීරණය වන්නේ සාක් ප‍්‍රඥප්තිය පිළිගැනීමයි.
එසේම සාක් රටවල් විසින් පිළිපැදිය යුතු මූලධර්ම පිළිබදව ප‍්‍රඥප්තියේ 2 වන වගන්තියේත් අතිරේක මූලධර්ම පිළිබදව 10 වන වගන්තියේත් දක්වා ඇත.

01. සාමාජික රටවල ස්වාධිපත්‍ය, සමානතාව,දේශපාලන නිදහස,සෙසු රාජ්‍යන්හි අභ්‍යන්තර කටයුතුවලට ඇ`ගිලි නොගැසීම හා අනෝන්‍ය යහපත උදෙසා ගරු කරමින් සංවිධාන ව්‍යුහය තුළ සහයෝගීතාවය ක‍්‍රියාත්මක කළ යුතුය.

02. එම සහයෝගීතාවය ඈතට පවත්නා ද්විපාර්ශවික හා බහුපාර්ශවික සබ`දතාවන්ට ආශිංෂනයක් විනා ආදේශකයක් නොවිය යුතුය.

    සාර්ක් සංවිධානයේ ප‍්‍රගතිය පෙන්වන හො`දම කැඩපත වන්නේ සාර්ක් රාජ්‍ය නායක සමුලූවයි.1985 සිට 2000 දක්වා රාජ්‍ය නායක සමුලූ 10ක් පවත්වා ඇත.වාර්ෂිකව රාජ්‍ය නායක සමුලූවක් පැවැත්වීම සම්ප‍්‍රදායක් කරගෙන තිබුනද කලාපය තුළ හටගත් විවිධ ප‍්‍රශ්න හේතුකොටගෙන වාර්ෂිකව සමුලූ පැවැත්වීමේ පුරුද්දට ඇතැම් විට බාධා ඇතිවිය.
රාජ්‍ය නායක සමුලූව පැවැත්විය යුතු රට තීරණය වන්නේ ඒ රටේ නම ඉංග‍්‍රීසි අකාරාදී පිළිවෙල අනුව  ගලපාගත හැකි අතර එය රාජ්‍යන්හි කැමැත්ත අනුව වෙනස්කරගත හැකිය.
සාර්ක් සංවිධානය කලාපීය වශයෙන්ගිවිසුම් ඇතිකරගෙන ඇති අතර එහි සාර්ක් ආරක්ෂිත ආහාර ගිවිසුම,ත‍්‍රස්තවාදය මර්ධනය කිරීමේ ගිවිසුම,ආදිය ඇතුලත් වේ.
සාර්ක් සංවිධානයේ අරමුණු ලෙස දකුණු ආසියාතික රටවල ජනතාවගේ ශුභ සිද්ධිය හා ජීවන තත්වය නංවාලීම,රටවල් අතර සාමූහික ආත්ම විශ්වාසය ප‍්‍රවර්ධනය හා ශක්තිමත් කිරීම,ආර්ථික සමාජ තාක්‍ෂණීක හා විද්‍යාත්මක ක්‍ෂේත‍්‍රයන්හි අනොන්‍ය උපකාරය හා සහයෝගීතාවය වර්ධනය කිරීම ආදිය දැක්විය හැකිය. සාර්ක් සංවිධානයේ සාමාන්‍ය අරමුණුද කිහිපයක් පවතී. ඒ අතුරින් කලාපය තුළ සාමය,ස්ථාවරත්වය,මිත‍්‍රත්වය හා සංවර්ධනය වැඩි දියුණු කිරීමද යහපත් අසල්වැසියන් වශයෙන් අර්ථවත් සහයෝගීතාවක් ගොඩනැංවීමද ආයතනික ව්‍යූහයක් තුළින් සහයෝගීතාවය වර්ධනය කිරීයේ අධිෂ්ඨානය තහවුරු කරගැනීම ප‍්‍රධානකොට දැක්විය හැකිය.
එසේම සාර්ක් සංවිධානය තුළ ක‍්‍රියාත්මක වන ආයතනික ව්‍යුහය ආයතන පහකින් සමන්විතය.එහි එක් ආයතනයක් වන්නේ අමාත්‍ය මණ්ඩලයයි.එය සමන්විත වන්නේ එක් එක් සාමාජික රටවල විදෛ්ශ අමාතවරුන්ගෙනි.දෙවන ආයතනය වන ස්ථාවර කමිටු සමන්විත වන්නේ සාමාජික රටවල විදේශ ලේකම්වරුන්ගෙනි.අනෙක් ආයතනය වන තාක්‍ෂණික කමිටුව තුළ තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රය නියෝජනය කරන නිළධාරීන්ගෙන් සමන්විත වේ.ක‍්‍රියාකාරී කමිටු අනෙක් ආයතනය වේ. අවසාන ආයතනය මහලේකම්වරයෙකු යටතේ කි‍්‍රයාත්මක වන මහ ලේකම් කාර්යාලයයි.මෙම ආයතන සතු කාරයභාර්ය හා බලතල සාර්ක් ප‍්‍රඥප්තියේ 04 (01* වගන්තියේ වෙනවෙනම දක්වා ඇත.
සර්ක් සංවිධානය මුහුණදුන් අභියෝග කිහිපයක් වේ.ඒ අතරින් 1991 නොවැම්බර් පැවැත්වීමට තිබූ සමුලූව කඩාකප්පල් වීම දැක්විය හැකිය. රාජ්‍ය නායක සමුලූව නියෝජනය කළ යුත්තේ රටවල රාජ්‍ය නායකයින් පමණක් විය යුතුය යන අදහස නිසා එය කඩාකප්පල් විය.එසේම 1990 වේ පැවැත්වීමට තිබූ සමුලූවේදී ලංකාව හා මාලේ අතර ගැටලූවකදී සමුලූව පැවැත්විය යුතු ස්ථානය පිළිබද මුල්කරගත් ගැටලූවක් ඇතිවිම ආදී ගැටලූ දැක්විය හැකිය.
එසේම සර්ක් සංවිධානය තීරණය ගැකීමේදී සාමාජික රටවල එක`ගතාවය තිබීම අත්‍යවශ්‍ය වේ.යුරෝපා සංගමය බිහිවී වසර 28 කට පසුව බිහි වුවද මෙම සංවිධානය සිදු කල මෙහෙවර අතිමහත් අතර එය පැසසුමට ලක්විය යුතුය.

                    (අන්තර්ජාලය ඇසුරිනි*
                           
 

No comments:

Post a Comment