කස්ත්‍රෝ උපන්නේ කියුබාවේ ඔරිඑන්ටේ පළාතේ බයිරන් ප්‍රදේශයේ ය. ඒ 1923 අගෝස්තු 26 දිනයි.
විශාල උක් වගාවක හිමිකරු වූ ඈන්ජල් කස්ත්‍රෝ ආර්ගිස් ඔහුගේ පියාය. මව ලීනා රීස් ය.ඔහුගේ මුල් නම වූයේ ෆිදෙල් ඇලිජැන්ඩෝ රූස් ය.ෆිදෙල් 1945 දී හවානා විශ්වවිද්‍යාලයට නීති ශිෂ්‍යයෙකු ලෙස ඇතුළත් විය.
එහිදී ඔහු බැටිස්ටාගේ් ඒකාධිපති පාලනයත් ඇමරිකානු සමාගම් විසින් කියුබානු දේශය සූරාකෑමත් අත්විඳින ලදි. එනිසාවෙන්ම ෆිදෙල් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානයකට බැඳුනි.ඔහුගේ නායකත්ව ලක්ෂණ ඉස්මතු වී පෙනෙන්නට පටන් ගන්නේ එතැන් සිටයි.
ශිෂ්‍ය දේශපාලනයේදී ෆිදෙල් කැපී පෙනෙන චරිතයක් විය. 1952 මැතිවරණයට ඉදිරිපත් වෙමින් ඔහු ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසේ.ඔහු හවානා නගරයේ ආකර්ශනීයම දේශපාලන චරිතය විය.නමුත් බැටිස්ටා අසාධාරණ ලෙස එම මැතිවරණය අවලංගු කරන ලදි.
තම විප්ලවීය සගයන් සමඟ පවතින දූෂිත පාලනයට එරෙහිව පළමු වෙඩි මුරය තබමින් ඔවුන් 1953 ජූලි 26 මොන්කාඩෝ හමුදා බැරක්කයට පහර දුනි.මේ සම්බන්ධයෙන් නීතියෙන් වරදකරු වූ ෆිදෙල් වසර 15ක සිර දඩුවමකට යටත් විය. දෙවසරකින් නිදහස් වන ඔහු ආජන්ටිනාවට පලා යයි. එහිදී ඔහුට ආජන්ටිනාවේ වෛද්‍යවරයෙකු වූ සහ මාක්ස්වාදී විප්ලවවාදියෙකු වූ අර්නස්ටෝ චේගුවේරා හමු වේ.ආජන්ටිනාවේ සිට නැවත සිය සගයන් සමග කියුබාවට පැමිණීමේදීද විවිධ බාධකවලට මුහුන පෑමට සිදු විය. බාධක මධ්‍යයේ වුවද සිය රටට පැමිණි ඔහු සියෙරා මයෙස්ත්රා කදුකරයේ සැගව හමුදාව සංවිධානය කළේය.
හමුදාව සංවිධානය කර සන්නද්ද අරගලය දියත් කරමින් වසර දෙකක් තුළ බැටිස්ටාගේ සියලු මරමස්තාන යටත් කර ගැනීමට ෆිදෙල්ට හැකි විය.1959 ජනවාරි 01 අගනගරය අත්පත් කරගනිමින් ෆිදෙල් කියුබානු විප්ලවයේ විජයග්රහනය සනිටුහන් කළේ්ය.ජෝස් මිරෝ නව රජයේ අගමැති විය.කස්ත්‍රෝ කියුබානු හමුදාව් ප්‍රධානියා විය.මාස කිපයකින් අගමැති ජෝස් ඉල්ලා අස් වූ අතර 1959 පෙබරවාරි 16 දින කස්ත්‍රෝ කියුබාවේ අගමැති ධූරයේ දිවුරුම් දුන්නේය.
ඔහු සැබෑ නායකයෙකු ලෙස එතැන් පටන් කියුබාවට විශාල සේවයක් ඉටු කළේය.කස්ත්‍රෝ කියුබාවට නව ආර්ථික ප්රතිසංස්කරන රාශියක් හදුන්වා දුන්නේය. වතු සහ කම්හල් ජනසතු කළේය.
එතෙක් පැවති ඇමරිකානු ඒකාධිකාරියට තිත තැබුවේය.නව කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ හදුන්වා දුන්නේය.
කස්ත්‍රෝගේ වැඩපිළිවෙළ නොරිස්සූ අධිරාජ්‍යවාදීන් ඔහුට විවිධ කෙනෙහිලිකම් කරන ලදි.1959 සිට සීඅයිඒ ඒජන්තයින් විසින් ෆිදෙල්ව ඝාතනය කිරීමට 638 වතාවක් උත්සහ කර තිබේ.කෙසේ වෙතත් ෆිදෙල් අසහාය විප්ලවීය ජීවගුනයකින් හෙබි දෙශපාලන පෞරුෂයක් ලෙස ඉතිහාසයේ රන් අකුරින් ලියැවී අවසන්ය.
ෆිදෙල් කස්ත්‍රෝ
අධිරාජ්‍යවාදය විසින්
මානව වර්ගයා මත
පතිත කළ
බලහත්කාරය
සුනු විසුනු කරමින්
කියුබානු ජනතාවට පමණක් නොව
ලොව පුරා තැලෙන පොඩිවන මිනිසුන්ට
නව ජීවයක් නව ප්‍රාණයක්
ගෙන දුන්
මාක්ස්වාදී සටන්කාමී
අද්විතීය නායකයෙකු වේ...............
අවසන අයියාගෙන් මල්ලී අතට ද නායකත්වය සංසරණය විය. කෙසේ වුවත් කැස්ත්‍රෝට පිං සිදුවන්නට අදටත් ලතින් අමරිකාවේ ස්වාධීන සළකුණ කියුබාව යි.
ReplyDelete