අන්තර්ජාලයේ කතාව.
නූතන ලෝකය තුළ සමාජමය , දේශපාලනිකමය , ආර්ථිකමය ආදී වශයෙන් විශාල පෙරළියක් ඇති කරන්නට දැනට දශක හතරකට පමණ පෙර ලොවට බිහි වූ අන්තර්ජාලයට හැකි වී තිබේ. වත්මන් ලෝකයේ දියුණුව අන්තර්ජාලය මත රඳාපවතින බවටද ඇතැම් විද්වතුන්ගේ මතයක් තිබේ. මෙම අන්තර්ජාලය සමාජයේ කටයුතු පහසු කරනවා මෙන්ම එය යම් ආකාරයක සංකීර්ණ ගති ලක්‍ෂණවලින් සමන්විත මෙවලමකි.
”අන්තර්ජාලය යනු එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලොකව්‍යාප්ත පරිගණක ජාලයකි.”
”ලෝකය පුරා පැතිරුණු ඕනෑම අයෙකුට පිවිසිය හැකි එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලයයි.”
අන්තර්ජාලය පිටුපස තාක්‍ෂණය විශාල ප‍්‍රමාණයක් ඇත. මේ ස`දහා නිවහනක් හෝ ප‍්‍රධාන පාලක මැදිරියක් නොමැත. ඇත්තේ ලොව පුරා තොරතුරු විශාල ප‍්‍රමාණයක් සහිත එකට සම්බන්ධ කරන ලද පරිගණක විශාල සංඛ්‍යාවක් පමණි. මෙය මෙසේ ක‍්‍රියා කරන්නේ පරිගණක සම්බන්ධ පිරිස් විසින් ”්‍යඔඵඛ” නැමති සංකීර්ණ වැඩසටහන්ගත කරන ලද භාෂාවක් නිර්මාණය කර ඇති නිසාය. ලෝකයේ ඕනෑම තැනක පවා සිටින පුද්ගලයන්ට තමන්ගේ පරිගණකය දුරකතන මාර්ගයක් සහ මොඩමයක් ලෙස හ`දුන්වනු ලබන විශේෂ පරිගණක උපකරණයක් මගින් අන්තර්ජාලයට සම්බන්ධ විය හැකිය.
අන්තර්ජාලයේ බිහිවීම ගත් කල එය 1960 දශකයට දිව යයි. එම කාල වකවානුවේදී ජේ. සී. ආර්. ලික්ලීඩර් සහ රොබ්ට්. ඩබ්. ටේලර් නැමති පරිගණක පර්යේෂකයින් අන්තර් ක‍්‍රියාකාරී ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීම ස`දහා එකිනෙක හා සබැ`දුණු ලෝක ව්‍යාප්ත ජාලයක් යෝජනා කරන ලදි. ඒ හා සමකාලීනවම එකිනෙකින් වෙන් වූ භෞතික ජාල අතර ජාලකරණයේ මූලික නීති පර්යේෂණයට පර්යේෂණ වැඩසටහන්ද ආරම්භ කෙරිනි. මෙය පැකට්ටු හුවමාරු ක‍්‍රමයේ වර්ධනයට හේතු විය. :ඡු්ජනැඑ ිඅසඑජයසබට* මෙම පර්යේෂණ වැඩසටහන්වලට ඩොනල්ඞ් ඬේවිස් :ෘදබ්කා ෘ්ඩසැි :භඡුඛ* පෝල් බැරන් :ඡු්මක ඊ්ර්බ :ඍ්භෘ සංස්ථාව* ලෙනාඞ් ක්ලේයින් රොන් :ඛැදබ්රා ණකැසබරදජන * :ඵෂඔ* යන පර්යේෂණ වැඩසටහන්ද අයත් වේ. මේවා 1960 සහ 1970 අගභාගයේදී ්ඍඡු්භෑඔල සහ ඞග25 ඇතුලූව පැකට්ටු හුවමාරු ජාලකරණ කීපයක දියුණුවට මග හසර හෙළි කළේය.
මේ ආකාරයට මූලාරම්භය සිදු වූ අන්තර්ජාලය බටහිර ලෝකයේ දියුණු විදුලි සන්දේශ ජාල හරහා වේගයෙන් පැතිරී ගියේය. 1990 දශකය වන විට ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත විය.
අන්තර්ජාලයෙන් අද වනවිට ලබාගන්නා ප‍්‍රමුඛ සේවාවන් ලෙස විද්‍යුත් තැපෑල සහ විශ්ව ව්‍යාප්ත වියමන ප‍්‍රධානකොට දැක්විය හැකි අතර වෙනත් සියලූම සේවාවන් මේ යටතට වැටේ.
විද්‍යුත් තැපෑල. (ෑ-ප්සක*
පුද්ගලයන් දෙදෙනෙකු හෝ සමූහයක්් අතර විද්‍යුත් ක‍්‍රමයට ලිපි හා ලිපිගොනු ලෙස පණිවිඩ හුවමාරු ක‍්‍රමය විද්‍යුත් තැපෑල වේ. මෙම සේවය නොමිලේ සපයන ආයතන බහුලව ලෝක ව්‍යාප්ත ජාලයෙහි ඇත. මේ නිසා මේ ස`දහා වැය වන්නේ අන්තර්ජාලය ස`දහා වැයවන ගාස්තුව පමණි. එහෙයින් මෙය ඉතා ලාභදායී සහ ඉක්මන් සන්නිවේදන ක‍්‍රමයකි.
විශ්ව ව්‍යාප්ත වියමන. :උඋඋ*
විශ්ව ව්‍යාප්ත වියමන :උඋඋ* යනු එකිනෙකට සම්බන්ධකොට ඇති අතිවිශාල ලේඛණ සමූහයකි. මෙම ලේඛණ තුළ අක්‍ෂර රූප වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. වෙබ් අඩවියක් යනුවෙන් හ`දුන්වන්නේ එකිනෙක ඇමුනූ මෙවැනි ලේඛණ සමූහයකි. ඒ අනුව විවිධ ආයතන ම`ගින් තොරතුරු සපයන වෙබි අඩවි වීඩියෝ නැරඹුම් වෙබ් අඩවි (යූ ටියුබ්* සහ ෆේස්බුක් ට්විටර් ඉන්ස්ටර්ග‍්‍රෑම් වැනි සමාජ වෙබ් අඩවි ආදියද මීට අදාල වේ.
අන්තර්ජාලයේ සමාජ බලපෑම පිළිබ`ද අවධානය යොමු කීරීමේදී , එහි මූලික ලක්‍ෂණ වන පුලූල් භාවිතය හා පිවිසීමට ඇති පහසුව නිසාවෙන් එම`ගින් නවමු ආකාරයේ සමාජීය අන්තර් ක‍්‍රියා ක‍්‍රියාකාරකම් හා සංවිධානගතවීම් ඇති කිරීමට එයට හැකි වී ඇත. ෆේස්බුක් (ත්‍්ජැ ඊදදන* ට්විටර් (ඔඇැඒර* මයිස්පේස් (ඵහිචිැ* වැනි සමාජ ජාලකරණ වෙබ් අඩවි සමාජයෙහි හා අන්තර් ක‍්‍රියාකාරීත්වයෙහි නව විධි නිර්මාණය කර ඇත. මෙම අඩවිවල පරිශිලකයන්ට තම පෞද්ගලික පිටුවලට විශාල විවිධත්වයකින් යුත් අංග එකතු කරගැනීමටත් තමන් පොදුවේ ආශාකරන දේ පිළිබ`ද දැක්වීමටත් අන් අය හා සම්බන්ධ වීමටත් හැකියාව ඇත. ඒ අනුව මිනිසුන් අතර අන්තර් සබඳතා ගොඩනැගීමට මෙය හේතු වී ඇත.
මීට අමතරව අධ්‍යාපනය , තොරතුරු හා විනෝදාස්වාදය ලබාගැනීම එමෙන්ම සාප්පු සවාරි යාමට පවා දෛනිකව ජනතාව අන්තර්ජාලය භාවිත කරයි. එමෙන්ම දශලක්‍ෂ ගණන් ජනතාව රූපවාහිනිය නැරඹීමට පි‍්‍රය කරන්නේද අන්තර්ජාලය භාවිත කරමිනි.
තවද ලෝකය පුරා විවිධ ව්‍යාපාරික කටයුතු සඳහාද අන්තර්ජාලය බහුලව යොදා ගනී.
මේ ආදී වූ විශාල වැදගත්කමක් සහිත අන්තර්ජාලය සමාජයට අහිතකර අන්දමින්ද බලපානු ලබන ආකාරය දැකිය හැක.
ඒ අනුව අන්තර්ජාලය නිසාවෙන් විවිධ සමාජ ගැටලූ නිර්මාණය වී තිබේ. සංස්කෘතිය හා සදාචාරය සම්බන්ධ ගැටලූ හා විශේෂයෙන්ම අන්තර්ජාලය සම්බන්ධ අපරාධ ආදිය මෙහිලා ප‍්‍රමුඛ වේ. (ක්‍හඉැර ක්‍රසපැි*
අන්තර්ජාලය ලොව පුරා ව්‍යාප්ත වීමත් සම`ග එය වඩවඩාත් සංකීර්ණ තත්වයට පත් විය. එබැවින් මේ හා සම්බන්ධ යම්කිසි අකාරයක ආරක්‍ෂණ ක‍්‍රමවේදයක අවශ්‍යතාවය මතු විය. එනිසාවෙන් අන්තර්ජාලය හා සම්බන්ධව නීතිමය තත්වයන් ජාත්‍යන්තර වශයෙන් , කලාපීය වශයෙන් හා දේශීය වශයෙන් වර්තමානය වන විට බිහිවී තිබේ. එමෙන්ම මේ සඳහා බලපාන නීතිමය ක්‍ෂේත‍්‍ර ලෙස, අදහස් පළ කිරීමේ නිදහස, වෙළඳ ලකණු, ඩොමේන් නාමය, ප‍්‍රකාශන අයිතිය, අපහාසය, දත්ත රැුස්කිරීම හා පෞද්ගලිකත්වය, දැන්වීම්කරණය, අලෙවිකරණය හා ස්පෑම්, පෞද්ගලික අධිකාරිය, අන්තර්ජාල බදුකරණය යන ක්‍ෂේත‍්‍ර දැක්වවි හැකිය. තවද අන්තර්ජාලය හා සම්බන්ධ නිර්මාණය වී ඇති ජාත්‍යන්තර සම්මුති ලෙස,
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය. (1948*
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය. (1966*
ජාත්‍යන්තර ගිවිසුම් ඉලෙක්ට්‍රොනික් සන්නිවේදනය භාවිතා කිරීම පිළබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය.
ආදී වූ සම්මුතීන් දැක්විය හැක.
ශ‍්‍රී ලංකාවට අදාලව අන්තර්ජාලය සම්බන්ධව යෙදෙන නීති ප‍්‍රතිපාදන ලෙස,
1991 අංක 25 දරණ විදුලි සංදේශ පනත.
2013 අංක 27 දරණ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණික පනත.
2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත.
ආදී පනත් (නීති* දැක්විය හැක.
ඒ අනුව අන්තර්ජාලය බාල තරුණ වැඩිහිටි ආදී සෑම අයෙකුටම අධ්‍යාපනික, සෞඛ්‍යමය, විනෝදාස්වාදන, ව්‍යාපාරික ආදී කටයුතු ස`දහා බෙහෙවින්ම ප‍්‍රයෝජනවත් වේ. මෙවන් සුවිශාල ප‍්‍රයෝජන මෙන්ම මෙහි ඇති අහිතකර සමාජ බලපෑමද දරුවන් වැඩිහිටියන් ආදී සියලූම දෙනා වටහාගෙන කටයුතු කළ යුතුය.
good work digatama karagena yanna.....
ReplyDelete