”ගයාරම්ය අල්විස් ”නම් වූ
සොඳුරු නිර්මාණකරුවා.
නිර්මාණයක් යනු යමක් අපූර්වත්වයෙන් මැවීමකි. එවැන්නක් සිදු කරන්නා නිර්මාණකරුවෙකි. බොහෝවිට මෙම නිර්මාණය , නිර්මාණකරුවා යනාදී වචන කලාව හා බැඳී පවතී. නිර්මාණකරුවෙකුට නැතහොත් කලාකරුවෙකුට නිර්මාණකරණයෙහිලා ප‍්‍රතිභාව , ව්‍යුත්පත්තිය , සතතාභ්‍යාසය ආදිය මූලිකවම වැදගත් වේ. එමෙන්ම නිර්මාණකරුවා සහෘදයාට හුදු වින්දනයක් පමණක් ලබාදීම ප‍්‍රමාණවත් නොවේ. සහෘදයා ආනන්දයෙන් ප‍්‍රඥාව කරා ගෙන යා යුතුය.
නිර්මාණකරුවන් සහ විවිධ නිර්මාණ හතු පිපෙන්නා සේ දිනපතාම දැකිය හැකි වත්මන් සමාජය තුළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිර්මාණයන් හෝ නිර්මාණකරුවන් දැකිය හැක්කේ ඉතා අල්ප වශයෙනි. වත්මන් වෙළඳ සමාජය තුළ නිර්මාණකරුවාද ව්‍යාපාරිකයෙකුගේ හැඩයක් ගන්නා බව පෙනේ. නමුත් එවැන්නන් අතර විශිෂ්ට නිර්මාණකරුවන්ද නැතුවා නොවේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එවැනි විශිෂ්ට නිර්මාණකරුවෙකි, ගයාරම්ය අල්විස්. ඔහු , ඔහුගේ නිර්මාණ , ඔහුගේ නිර්මාණයන්හි විශිෂ්ටත්වය පිළිබඳ ගෙනහැර දැක්වීමකි මේ.
1971 නොවැම්බර් 25 දින සහෝදර සහෝදරියන් හයදෙනෙකුගෙන් යුත් පවුලේ අන්තිමයා ලෙස ගයාරම්ය අල්විස් මෙලොව එළිය දුටුවේය. ඒ අනුව ඔහු පවුලේ සියලූදෙනාගේ ආදරය නොමදව ලත් බාල සහෝදරයාය. ගයාරම්යයන්ගේ පියාද කෘතහස්ත කලාකරුවෙකි ඔහු ප‍්‍රවීන ගීතරචක ඩෝල්ටන් අල්විස් මහාතායි. කුඩා කල සිටම ගයාරම්ය අලවිස් හැදී වැඩුණේ කොළඹ නගරයේය. මේ වන විට වයස අවුරුදු 43 ක් වන ගයාරම්ය අල්විස්ගේ ආදරණීය බිරිඳ අනූෂා හිමාලි ය. ඇය වෘත්තියෙන් පුස්තකාලාධිපතිනියකි. මොවුන් දෙදෙනාගේ එකම පුත‍්‍රරත්නය අධ්‍යාපනය හදාරමින් සිටී. තවද ගයාරම්යයන් වත්මන වන විට ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටී.
කොළඹ වේලූවන මහා විද්‍යාලය සහ කොළඹ ඞීී . එස් සේනානායක යන විදුහල් දෙකෙන්ම ඔහු අධ්‍යාපනය හදාරා තිබේ. අ.පො.ස උසස්/පෙළ හදාරන ලද්දේ ඞී . එස් සේනානායක විද්‍යාලයෙන්ය. ඒ විද්‍යා විශය ධාරාවන් යටතේය. 1992 වසරේදී ඔහු උසස් පෙළ විභාගයට පෙනී සිටියද විශ්ව විද්‍යාල වරම් අහිමි විය.
ගයාරම්ය අල්විස් කුඩා කල සිටම පාසලේ බිත්ති පුවත්පත සංස්කරණයටත් කවි රචනා කිරීමටත් වැඩි ඇල්මක් දක්වා තිබේ. එය ඔහුගේ කලා ජීවිතයට පාදම සකසන්නට ඇත.
ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ භාහිර උපාධිධාරියෙකි. එමෙන්ම ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව සහ සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකුද වේ.
තවද ඔහු රූපවාහිනී අභ්‍යාස ආයතනයෙන්ද ජර්මනියේිඊදසියඇක්’ ආයතනයෙන්ද තිර රචනය , අධ්‍යක්‍ෂණය සහ කැමරාකරණය පිළිබඳ හදාරා තිබේ.
ගයාරම්ය අල්විස් නිර්මාණකරණයට පිවිසෙන්නේ පාසල් සමයේ පටන්මය. ඔහු කුඩා කල සිටම කවි රචනා කරන්නට ඇල්මක් දැක්වීය. එය ඔහුගේ පියා වන ප‍්‍රවීන ගීත රචක ඩෝල්ටන් අල්විස් ශූරීන්ගෙන් ලැබුණු සහජ උරුමයක් වන්නට ඇත. පාසලේ බිත්ති පුවත්පත සම`ග ගයාරම්යයන් පැවැත්වූ ගණුදෙණුවද මෙහිදී සඳහන් කළ යුතුය. එනම් පාසලේ බිත්ති පුවත්පත සංස්කරණය කිරීම ඔහු විසින් බොහෝ කාලයක් සිදු කිරීමයි. එයින්ද ඔහු නිර්මාණකරණයට මාහැ`ගි පිටුබලයක් නැතහොත් පන්නරයක් ලබාගන්නා ලදි.
ගයාරම්ය අල්විස් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව සහ සන්නිවේදන ඩිප්ලෝමාව හදාරන සමයේ අජන්තා රණසිංහ , රංග කලන්සූරිය යන අය සමග එක්ව කටයුතුකරමින් නවයුගය පුවත්පතට සාහිත්‍ය සබැඳි ලිපි රචනා කළේය.
1993 දී ඔහු ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට බැඳෙන අතර එහි නාට්‍ය අංශයේ නිශ්පාදක ලෙස කටයුතු කරන ලදි. ඉන් පසුව ගයාරම්යයන් 1994 දී ජාතික රූපවාහිනියට එක්වන අතර නිර්මාණකරුවෙකු ලෙස ඔහුව මුලූ මහත් රටක් හඳුනාගන්නේ එතැන් සිටය.
ගයාරම්ය අල්විස් ජාතික රූපවාහිනියට එක්වන්නේ නාට්‍ය අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසයි.
ඔහු මුල්වරට 1996 වසරේදී ” 2015 ” නම් වූ ඒකාංගික ටෙලිනාට්‍යය නිර්මාණය කළේය. ඉන් පසුව 1999 දී ඔහුගේ ප‍්‍රථම ප‍්‍රාසාංගික ටෙලිනාට්‍ය නිර්මාණය ලෙස ” මිරි`ගුතෙර ” ටෙලිනාට්‍යය නිර්මාණය කළේය. එහි තිර රචනයද ගයාරම්ය අල්විස්ගේමය. ඔහුගේ මීළ`ග නිර්මාණය වූයේ ” වර්ණ ” ටෙලිනාට්‍යයි. සමාජ කථිකාවකට ලක් වූ මෙම ටෙලිනාට්‍යයේද තිර රචනය සිදු කළේ ගයාරම්යයන් විසින්මය. ඉන් පසුව නිර්මාණය කළ ” උත්තමපූජා ” වාර්තා වැඩසටහනද සහෘදයන් ආදරයෙන් වැළඳගත් නිර්මාණයකි. කුරිරු ත‍්‍රස්ථවාදය පිළිබඳ වූ එම නිර්මාණයට සම්මාන පවා හිමි විය. ඔහුගේ ඉමහත් ජනාදරයට පත් මීළ`ග නිර්මාණය වූයේ ” රන්සිරිමල් ” ටෙලිනාට්‍යයි. එය ඔහුගේ තෙවන ටෙලිනාට්‍යය අධ්‍යක්‍ෂණයයි. ගයාරම්ය අල්විස් සම්ප‍්‍රදායෙන් මදක් බැහැරව සිදුකළ නිර්මාණයකි, ” කොළඹ අහස ” ටෙලිනාට්‍යය. එය මෙගා ටෙලිනාට්‍යයකි.
ගයාරම්ය අල්විස් හුදු ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂකවරයෙකුම නොවේ. ටෙලි නාට්‍ය තිර රචකයෙක් , කවියෙක් එමෙන්ම දක්‍ෂ ගී පද රචකයෙකුද වේ. ටෙලිනාට්‍ය රැුසකම තේමා ගීත ඔහු රචනා කර තිබේ. රන් සිරිමල් ටෙලි නාට්‍යයේ තේමා ගීතය , සිරිගෙ ඉරණම ටෙලිනාට්‍යයේ හිරුට නෑකම් කියා තේමා ගීතය ඔහුුගේ ඉතාමත් ජනප‍්‍රිය වූ ගී පද රචනා වේ.
”දුවන් දුවන්......
දූවිල්ල මතින්
අරුණැල්ල අරන්
පරවෙන්න කලින්........
රලූ බොරලූ ගැටී
මරු වැල් පැටලී
වැටුණත් නොවැටී
වැටි වැටි නැගිටී........
සිතිජ ඉරෙන්
සමකයට උඩින්
නුඹ ගිය සටහන්
පවතින විලසින්
දුවන් දුවන්...........”
”රන් සිරිමල්” ටෙලිනාට්‍යයේ තේමා ගීතය.
ගයාරම්ය අල්විස් කලාකරුවාණන් ලබාගත් සම්මාන.
2000 වසරේ පැවති ” සුමති ටෙලි සම්මාන ” උළෙලේදී හොඳම යොවුන් අධ්‍යක්‍ෂකවරයාට හිමි සම්මානය ගයාරම්ය අල්විස් හිමිකරගන්නා ලදි. ඒ 1999 ඔහුගේ කුලූඳුල් ප‍්‍රාසාංගික ටෙලි නිර්මාණය වූ ” මිරි`ගුතෙර ” ටෙලිනාට්‍යය වෙනුවෙන්ය.
දශක තුනක කුරිරු යුද්ධය පාදක කරගනිමින් නිර්මාණය කළ ” උත්තම පූජා ” වාර්තා වැඩසටහන වෙනුවෙන් 2005 ” සුමති සම්මාන ” උළෙලේ ජූරියේ ප‍්‍රශස්ථ සම්මානය හිමි කරගන්නා ලදි.
මීට අමතරව ගයාරම්ය අල්විස් රචනා කළ ටෙලිනාට්‍ය තේමා ගීත රාශියකටම සුමති , රාජ්‍ය සහ ඕ . සී . අයි . සී සම්මාන හිමි විය.
ගයාරම්ය අල්විස් නිර්මාණ පෙළහර.
ටෙලිනාට්‍ය.
”2015 ” ඒකාංගික ටෙලිනාට්‍යය. 1996
”මිරි`ගුතෙර ” ප‍්‍රාසාංගික ටෙලි නාට්‍යය. 1999
”උත්තමපූජා ” වාර්තා රංගය 2004
”රන්සිරිමල් ” ප‍්‍රාසාංගික ටෙලි නාට්‍යය 2012
”කොළඹ අහස ” මෙගා ටෙලිනාට්‍යය 2014
ගීත රචනා.
” රන් සිරිමල් ”ටෙලිනාට්‍යයේ තේමා ගීතය.
” සිරිගෙ ඉරණම ” ටෙලි නාට්‍යයේ තේමා ගීතය.
” කොළඹ අහස ” ටෙලි නාට්‍යයේ තේමා ගීතය.
නිමල් පද්මකුමාරයන් ගායනා කරන දර්ශන රුවන් දිසානායක සංගීතවත්් කළ ” සියපත ” ගිතය.
රන්වල බලකායේ ” වප්මගුල් පෙළහර ” ගීතය.
ගයාරම්යයන්ගේ නිර්මාණයන්හි සුවිශේෂීතා.
වර්තමානයේ පවතින පරිභෝජනවාදී සමාජක‍්‍රමය තුළ කලා නිර්මාණයන්ද වෙළඳ භාණ්ඩයක් වී හමාරය. නමුත් අතලොස්සක් වූ නිර්මාණකරුවන් ඕලාරික රසවින්දනය ඉක්මවා ගිය රසිකයන් ආනන්දයෙන් ප‍්‍රඥාව කරා ගෙන යන නිර්මාණකරණයෙහි යෙදෙයි. එවන් වූ නිර්මාණකරුවන් අතලොස්සෙන් එක් නිර්මාණකරුවෙකි ගයාරම්ය අල්විස්.
හුදු වාණිජ අරමුණ පෙරදැරිව කර්මාන්තමය ස්වරූපයෙන් වර්තමානයේ පවත්වාගෙන යනු ලබන ටෙලි නාට්‍ය කලාව තුළ ගයාරම්යයන් ඉටු කරන සේවය අනුපමේයයි.
”2015 ඒකාංගික ටෙලි නිර්මාණය” හි සිට ” කොළඹ අහස ” මෙගා ටෙලිනාට්‍ය දක්වා වූ ඔහුගේ සෑම ටෙලි නිර්මාණයක්ම සහෘද සමාජයට යම් පණිවිඩයක් රැුගෙන යයි.
මෑත කාලීනවම නිර්මාණය වූ ” කොළඹ අහස ” ටෙලිනාට්‍යය මෙගා ටෙලි නාට්‍යයක් වුවත් වෙනත් මෙගා ටෙලිනාට්‍යවලින් එය ඉඳුරාම වෙනස් වේ. එය හුදු මෙගා නාට්‍ය රැුල්ලට හසු වූ නිර්මාණයක් නොවේ. උදාහරණ ලෙස එහි කතා තේමාව ගත් කල පවා ගැඹුරු සමාජ යථාර්තයක් හෙළි කරයි. වෙනත් මෙගා නාට්‍ය මෙන් එකම දර්ශන පසුතල භාවිත කිරීම , එක් දිනකට විශාල රූපගත කිරීම් ප‍්‍රමාණයක් සිදු කිරීම, ආදිය ඔහු සිදු නොකළේය. තවද නලූනිළියන් තෝරා ගැනීමේදී පවා සූක්‍ෂමව එය සිදු කිරීම ආදී කරුණු නිසා කොළඹ අහස ටෙලිනාට්‍යය පේ‍්‍රක්‍ෂකයා මනාව නිර්මාණය වෙත ඇදබැඳ ගැනීමට හේතු විය.
”රන් සිරිමල් නාට්‍යයේදී ” පවා ඔහු ගෙන එන්නේ සුන්දර වූ සිහින ලෝකයක් නොවේ. ලාංකීය සමාජයේ අනන්තවත් දැකිය හැකි දක්‍ෂ යෞවනයෙකුගේ කථාපුවතකි.
ගීත රචනයේදීද ඔහු තමන්ටම ආවේනික ශෛලියක් ගොඩනගාගෙන තිබේ. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය තේමා ගීත රචනයේදී සමස්ථ ටෙලිනාට්‍යයේ සාරය ඔහු තේමා ගීතය තුළට ගන්නේ අපූර්ව ආකාරයෙනි.
උත්්තම පූජා වාර්තා රංගයෙහිදීද ඔහු ටෙලිනාට්‍ය නිර්මාණයට නොදෙවෙනි හැකියාවක් ප‍්‍රකට කරයි. තිස්වසරක යුද්ධය අලලා නිර්මාණය වූ එයට විශාල ජනාදරයක් හිමිවීම සහ සම්මාන පවා හිමිවීම තුළ ඔහුගේ නිර්මාණාත්මක හැකියාව මනාව ප‍්‍රකට වේ.
මේ ආදී වූ නිර්මාණාත්මක සුවිශේෂීතා රාශියක්ම ගයාරම්ය අල්විස් නම් වූ ඒ සොඳුරු නිර්මාණකරුවාගේ නිර්මාණයන් තුළ මනාව දැකිය හැක.